(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වයෝවෘද්ධ නැන්දණිය වමනය කරමින් පීඩාවට පත්වූ අවස්ථාවේ ලේලියන් දෙන්නා අහක බලා සිටියදී බසයට ගොඩවූ රූමත් කාන්තාවක ඇගේ පිහිටට ආ අවස්ථාවක් පසුගිය සති අන්තයේ කොළඹ සිට අනුරාධපුර බලා යන බසයකදී දැක ගත හැකිවිය.
ඥාති නිවසක දානමය පිංකමකට සහභාගිවීමෙන් පසුව පස්වරු දෙකට පමණ කොළඹින් බසය පිටත් වෙද්දී වයෝවෘද්ධ මව පුතා හා ලේලියන් දෙන්නා බසයට නැග ඇත.
මහලු මවට ඉදිරි ජනේලය අසල අසුනක් වාඩිවීමට ලැබී ඇත. බසය පිටත්වී ටික වේලාවකින් මහ වැස්සක් ඇද වැටෙද්දී මේ මාතාව පීඩාවට පත්වී වමනය කරන්නට පටන්ගෙන ඇත. ලේලියන් දෙන්නා මේ ගැන නොබලද්දී පුතා ඔහුට හැකි පමණින් මවට සහාය වෙමින් ගමන්කර තිබේ.
මේ අතර කුරුණෑගල රෝහලේ සේවය කරන රූමත් කාන්තාවක මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙම බසයට නැග ඇත්තේ සේවයට යන අතරය. මේ මහලු මව පීඩාවට පත්ව සිටින බව දුටු ඇය මවගේ විස්තර අසමින් වමනය පිස දමා අස්වසමින් ගමන් කරන්නටවී ඇත. මගේ අම්මත් ඔයා වගේමයි කියමින් මවට සහනය ගෙන දුන් මේ කාන්තාව බසය වරකාපොල පසු කරද්දී කිසිවෙකුට දුරකතන ඇමතුමක්ගෙන පුතේ මම තව ටිකකින් එනවා කෝපි එකක් හදා තියන්නැයි පවසා ඇත.
අනතුරුව ඇය කුරුණෑගල හෝටලයක් අසලදී බසය ටික වේලාවකට නවතන ලෙස ඉල්ලීමක් කර ඇති අතර රියැදුරා ඊට එකඟවී ඇත. බසය හෝටලය අසල නවත්වද්දී ඇගේ පුතකු බව කියන තරුණයකු බිස්කට් සහ කෝපි රැගෙන බසයට ආ අවස්ථාවේ ඒවාගෙන මේ මහලු මවට ඒවායෙන් සංග්‍රහ කර බසයේ රියැදුරුටද ස්තුතිවන්තවී සේවය සඳහා යන බව කියා පිටව ගිය බව බසයේ සිටි අයකුගෙන් දැන ගන්නට ලැබිණි. අනතුරුව බසය පිටත් වුවත් වයෝවෘද්ධ මවගේ ලේලියන් දෙන්නා මේ කිසිවක් නොදැක්කාසේ ගමනෙහි යෙදුණු බව ද දැනගන්නට ලැබිණි.
2025 නොවැම්බර් මස 04
356
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2155
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බසයේදී නැන්දම්මා අසනීප වුණාම ලේලිලා දෙන්නා අහක බලාගෙන
tommt Tuesday, 12 June 2018 10:33 AM
ලංකාවේ මනුස්සකම කියන එක තවම තියෙනවා යයි දක්නට ලැබීම සතුටට කරුණක්.
ක්‍රිස් Tuesday, 12 June 2018 11:11 AM
ඇය කරුණාවන්ත රෝහල් සේවිකාවක්. ඇයගේ යුතුකම ඇය ඕනෑවටත් වඩා ඉටුකර ඈත.
සඳුන් Wednesday, 13 June 2018 03:31 PM
කතාවේ, මේ අම්මාට ලේලිලා දෙන්නෙක් ඉන්න එකෙන් තේරෙනවා පුතා විවාහ දෙකක්ම කරගෙන තිබෙන බව...
senakaThursday, 14 June 2018 12:02 AM
ඇයට පුතුන් දෙදෙනෙකු සිටින්නට බැරිද?