IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බීලා වැඩිවෙලා උප්පැන්න සහතිකවලින් අත පිසදාලා

(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
වෙරිමර ගාතේ බයිට් කා අතපිස දැමීම සඳහා දරුවන්ගේ උප්පැන්න සහතික භාවිත කළ පියෙකු පිළිබඳව පුවතක් මොරගොල්ලාගම හා ගල්නෑව අතර පිහිටි ගම්බඳ පෙදෙසකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය. 


දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක දරුවන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත් ගෙන ඒම සඳහා බිරිඳගේ ඇරයුමකට අනුව සැමියා ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පසුගියදා ගොස් ඇත. ඒවා රැගෙන නිවසට එන අතරවාරයේදී හිතවතෙකු ගල්නෑව නගරයේදී ඔහුට හමුවිය.


ආ ගිය තොරතුරු කතා කළ දෙදෙනා පොඩි අඩියක් ගසන්නට එහිදී තීරණය කළේය.


වැඩි වේලාවක් යන්නට මත්තෙන් දෙදෙනාම පදමට වෙරි විය.


කනබොන නමුත් අතපිස ගැනීමට කොළ කැබැල්ලක් සොයා ගැනීමට නොහැකිව දෙදෙනාම එහිදී දැඩි අපහසුතාවකට පත්වු අතර තමාගේ යතුරුපැදියේ බෑගයේ පත්තර තිබෙන බව සගයා අනෙකාට පැවසීය.


ඒ අනුව ඔහු වහා එහි ගොස් බෑගයට අත දමා කොළ කැබැලි කිහිපයක් ඉරා දමා අත පිස ගැනීමෙන් අනතුරුව ඔහු යතුරු පැදි හිමිකරුවාට ද එහි කොළ කැබලි ගෙනැවිත් දුන්නේය.


කිසිදු පැකිලීමකින් තොරව ඔහුද ඉන් අත පිසදමා ඒ කැබලි විසිකර වෙරිමත ගාතේම සගයාට සමුදී ගෙදර යාමට තම යතුරුපැදියට ගොඩ වී ඇත.


නිවසට ඔහු ආ විගස බිරිඳ තම දරුවන් ද කැටුව ගොස් බෑගයේ තිබූ අලුත ගෙනා උප්පැන්න පරීක්ෂා කිරීමේදී එක් උප්පැන්නයක කෑලි හා අනෙක් උප්පැන්න දෙකේද අත්වල තිබූ ජාරාව තැවරී ඒවාද විනාශ වී තිබෙන අයුරු දැය පුදුමයට පත්ව ඒ ගැන විපරම් කිරීමේදී තම සඟයා බෑගයේ තිබූ පත්තර කියා ඉරා ඇත්තේ අලුත ගෙනා උප්පැන්න සහතිකයක් බව සිහි වී තරු පෙනී ඇත.



අදහස් (2)

බීලා වැඩිවෙලා උප්පැන්න සහතිකවලින් අත පිසදාලා

bandara Thursday, 31 October 2019 09:29 AM

හිස් ජීවිත...!

:       0       163

sampath Thursday, 31 October 2019 12:18 PM

කාලකන්නි වැඩක්නේ...

:       0       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 27 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 826 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site