පදම ඉක්මවා මත්පැන් පානයකොට මහ මග අයිනේ දිගේලිකොට සිටි වසු පැටියෙකුට කිති කවන්නට ගිය පුද්ගලයෙකු වසු පැටියගේ පා පහරකට ලක්වීම නිසා රෝහල් ගතවීමට සිදුවූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
ඔහුගේම මිතුරු පිරිසක් පැවසූ අන්දමට සිද්ධිය මෙසේය. මත්පැනට බොහෝසේ ගිජුවූ පුද්ගලයෙකි. පසුගිය දිනෙක ඔහුට ද ගමේ නිවසක පැවැති සාදයකට ආරාධනාවක් ලැබුණේය. කල්තබාම එහිගිය ඔහු ඇති පදම් සප්පායම් වුණේ කලකින් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමිනි. සාදය නිමාවී ආපසු එන්නට හැරුණේය මිතුරෝ පිරිසක්ද ගමනට එක්වූහ.
එන අතරතුර පිරිසට නෙත ගැටුණේ මහ මග අයිනේ දිගේලි කර සිටි වසු පැටවෙකි. “ඔන්න බලා ගනිල්ලා” යි කියූ හෙතෙම එක් වරම වසු පැටියගේ පසුපස දෙපා අතරින් අත්දෙක දැම්මේය. හායි කියමින් කිති කැවුවේය. කලබල වූ ගවයාද දෙපා උස්සා වැරෙන් පහරක් එල්ල කළේය. පහර වැදුණේ ඔහුගේ රහස් පෙදෙසටය. “බුදු අම්මෝ” කියූ ඔහු උදරයට අත තියාගෙන ඇද වැටුණේය. ඔහු වත්තම් කරගත් පිරිස ඔහු රෝහලට ඇතුළත් කළේය.
(වියලුව වාර්තාකරු)
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බීලා ගිය තරුණයාට වසු පැටියාගෙන් අපූරු පාඩමක්