බීර බෝතල් 13ක් හා කටගැස්ම පීරිසි 12ක් හිස්කර දහවල් කෑම ඇණවුම් කර කෑම ගෙන අතරදී බිල්පත නොගෙවා පලාගිය තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට කන්තලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි. කන්තලේ නගරය ආසන්නයේ අවන්හලකදී මෙය සිදුවිය. වරින්වර බීර හා කටගැස්ම ඇණවුම් කරමින් සප්පායම් වූ තරුණයන් පස්දෙනා පැය දෙකකට පමණ පසුව දිවා ආහාරය ඇණවුම් කර ඇත. දිවා ආහාරය ගෙන එනතුරු බලා සිටි ඔවුන් එක් එක් තරුණයා වරින් වර වැසිකිළියට යන මුවාවෙන් එළියට ගොස් ඔවුන් පැමිණි වෑන් රියේ නැගී පලාගොස් ඇත. දිවා ආහාරය හා රුපියල් පන්දහසක් පමණ වූ බිල්පතද රැුගෙන සේවකයකු පිරිස සිටි මේසය ළඟට විත් සොයා බලද්දී ඔවුන්ගේ රංගනය හෙළිවීමෙන් පසු පොලීසියට පැමිණිලි කරනු ලැබිණි. සැකාකාර තරුණයින් යළි දුටුවහොත් හදුනාගත හැකි බව අවන්හල් සේවකයන් පොලිසියට පවසා තිබේ.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් කොල්ලො ටිකක්??????
කවුරු කළත් වැරදි වැඩක්...