(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
බිරිය පසු පස එළවමින් සිටි සැමියා පය සරමේ පැටලී අඩක් හාරාතිබු වළකට වැටී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්රදේශයේ ග්‍රාමයකින් වාර්තා විය. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

වළට වැටී ඇතැයි කියන 52 හැවිරිදි තිදරු පියා කලක සිට සවසට ජයටම මත්පැන් පානය කරන්නෙකි. බිරිය ඊට කොපමණ විරුද්ධ වුවද සැමියා එය අත හැරියේ නැත. සෑම දිනකම මත්පැන් පානය කර නිවසට පැමිණ තමන්ට දෑවැද්දක් දුන්නේ නැතැයි පවසා බිරියට නිතරම දොස් පවරන බවද වාර්තා වෙයි.
තම මව්පියන් ජීවතුන් අතර නැති අවස්ථාවේදී සැමියා මව්පියන්ට දොස් පැවරීම සම්බන්ධයෙන් තිදරු මව කලක සිටම සිටියේ කනස්සල්ලෙනි.
යළි පෙර පරිදි මත්පැන් පානය කර පැමිණ මව්පියන්ට දොස් පවරමින් සිටින අවස්ථාවේදී බිරිය සැමියාගේ කට මිරිකා අල්ලපු නිවෙසකට දුවන්නට වූවාය.
කට මිරිකා දුවමින් සිටි බිරිය පසු පස එළවමින් සිටි සැමියාගේ සරම ද ගැලවිය. පසුව සරම අතට ගෙන බිරිය පසුපස දුවන අවස්ථාවේදී පය සරමේ පැටලී අල්ලපු නිවසේ පදිංචිකරුවන් කපා තිබු අඩි හයක් ගැඹුරු වළකට වැටිණි.
අනේ නෝනා මම ආයේ ඔයාගේ මව්පියන්ට බනින්නේ නෑ. ඉක්මනින් මාව ගොඩට ගන්න. මගේ දකුණු කකුලේ සීරිම් තුවාලත් තියෙනවා ඉක්මනට ගොඩට ගන්න යනුවෙන් ඔහු බිරියගෙන් බැගෑපත්ව ඉල්ලීම් කළේය.
පසුව කාන්තාව අල්ලපු නිවසේ තරුණයකුට කතා කර ගෙන්වාගෙන සිය සැමියා වළෙන් ගොඩට ගෙන අල්ලපු නිවසට රැගෙන ගොස් ප්‍රතිකාර ද කර ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.