පොල් ගසකට නැගීමෙන් පසු සිදු වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගසෙන් බිමට බැසීමට නොහැකිව සිටි පුද්ගලයකු පැය කිහිපයකට පසු දොඹකරයක් ආධාරයෙන් බිමට ගැනීමේ පුවතක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය සැකෙවින් මෙසේය. පොල් කැඞීමේ රැකියාවේ නියුතු ඔහුගේ පදිංචිය මාලිගාවත්ත ප්රදේශයේය. වයස අවුරුදු 33කි. ඔහු කරන රැුකියාව සෑම පුද්ගලයකුට කිරීමට නොහැකි නිසා ඔහුට ඇති ඉල්ලූම වැඩිය.
පසුගිය දිනක පොල් ගසකට නැගි ඔහු විනාඩි පහළොවක් පමණ ගතවීත් ගසෙන් නොබැසීම පිළිබඳ විපරම් කිරීමේදී ඔහු ඉතා අපහසුවෙන් ගස මත දිගා වී සිටින බවට දැක ගැනීමට ලැබී ඇත.
වහා නිවසට ගිය ඔහු ජංගම දුරකථනයෙන් පොල් කඩන්නා අමතා ගසෙන් බසින්නේ නැද්දැයි විමසීය.
පොල් කඩන්නාගෙන් පිළිතුරු ලැබී ඇත්තේ ගසෙන් බසිනවා තියා කකුල හෙලවීමට නොහැකි තරමට රිදුම් දෙන බවය.
ඔහු පෙලෙන රෝගී තත්ත්වය වත්ත පුරා පැතිරගියේ දෙබරට ගල් ගැසූවාක් මෙනි. වත්තේ පදිංචි සියලූ දෙනාම පොල් ගස අසලට පැමිණ උඩ බලාගෙන සිටියහ.
වැඩිහිටි පුද්ගලයකුගේ අණ පරිදි එක්තරා බීම වර්ගයක් වෙළෙඳ සැලකින් ගෙන ආවත් එය අයියා අතට යැවීම ප්රශ්නයකි. හේතුව පොල් ගස් නගින අයකු නොමැති වීමය.
කෙමෙන් මරදාන පොලිසියට මෙම ආරංචිය ගෙන යාමට සිද්ධිය නරඹමින් සිටි අයෙක් පියවර ගත්තේය.
ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැන්වීය. ආරංචි ලැබී කෙටි කාලයක් තුළ පොලිසියේ පිරිසක් එතැනට පැමිණියහ.
කළ යුතු දෙය කුමක්දැයි වැඩිහිටියන්ගෙන් විමසීය. වේදනා නාශක බාම් වර්ගයක් ගස මුදුනට ගෙන යා හැකි පුද්ගලයකු සොයා ගැනීමට නැතැයි පැවසීය.
පොල්ගස් නැගීමට හැකි අයකු අත වේදනා නාශක බාම් වර්ගය ගස මුදුනට යවා වේදනාවෙන් පෙළෙන පොල් කඩන්නාගේ පාදයේ එය ගැල්වීමට පියවර ගැනිණි. විනාඩි කිහිපයක් ගත වූවත් සුවයක් නැත.
වේදනාව එන්න එන්නම වැඩිය. ඒ අතර තවත් යෝජනාවක් ගෙන එමින් කිහිපදෙනෙක් වැරෙන් අල්ලා සිටින කාපට් එකට පනින ලෙස පොල් කඩන්නාට පැවසීය.
එම උත්සාහය ව්‍යාර්ථ වූයේ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් තිබෙන බැවින් අනතුරු දායක බැවිනි.
දැන් තිබෙන එකම පිළියම දොඹකරයක් ආධාරයෙන් පොල් කඩන්නා බිමට ගැනීමය.
ඒ අනුව කොළඹ ගිනි නිවීම් ඒකකයේ දොඹකරයක් එම ස්ථානයට ගෙන්වීමට පොලිසිය කටයුතු කළේය.
විනාඩි කිහිපයක් තුළ දොඹකර වාහනය එම ස්ථානයට පැමිණිය ද පේලි නිවාස අතරින් දොඹකරය සහිත වාහනයට පොල් ගස අසලට ළඟා වීමට නොහැකි විය.
ආපස්සට ගත් දොඹකරය ප්‍රධාන මාර්ගයේ සිට පොල් ගස අසලට ළං කෙරිනි. හරියටම පොල් ගසේ අඩකට වඩා එහි බකට්ටුව ළං කිරීමට හැකි විය.
පසුව වේදනා නාශක බාම් වර්ගය රැගෙන ගසට නැගි පුද්ගලයා නැවතත් ගසට නග්ගවා වේදනාවෙන් පෙලෙන පොල් කඩන්නාගේ බඳ වටා ලණුවක් ගැට ගසා දොඹකරයේ බකට්ටුව තුළට ගැනීමට සැලැස්විනි.
බකට්ටුවේ වේදනාවෙන් සිටි පොල් කඩන්නා සිය වේදනාව මදකට අමතක කරමින් තමාට නොසිතූ නොපැතූ ලෙස සිදු වූ අකරතැබ්බය අවස්ථාවේ නන් අයුරින් වෙහෙස මහන්සි වූ ජනයාට මෙන්ම පොලිස් නිලධාරීන්ටත් අත් දෙක වනා ආචාර කරමින් බකට්ටුව ආධාරයෙන් බිමට බැස්සේ ගුවන් ගත වී පැමිණි අයකු පරිද්දෙන් බලා සිටියවූවන්ගේ අත්පොලසන් නාදය මැදිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මනුස්සයා එහෙම හරි කරදරයක් නොවී බිමට බැසීම ගැන සතුටුයි. හැබැයි මට හිතට ඇල්ලුවේ අර සෙල් පෝන් වැඩෙයි. නවීන තාක්ෂණය හින්දා වැඩේ තවත් ලේසි වුනා නේ. අනාගතේදී ඇඟට සවිකරන ස්වයං සෝපානයකින් පොල් ගස් නැගලා, දුරස්ථ ටීවී කැමරාවෙන් පැහිච්ච පොල්ගෙඩි අයිතිකාරයට පෙන්නලා, කඩන්න අනුමැතිය සෙල් පෝන් එකෙන් අරගෙනම පොල් කඩලා, ලස්සන පැරිචුට් එකකින් බිමට බැහැලා එනකොට කෙල්ලො සුබපතන්න පොරකන හැටි බලන්න ලස්සන වෙයි. (නි)
අපිත් මේ සීන් එක දැක්කනේ මෙයා අර ස්වර්ණ නාලිකාවෙන්... (නි)
අමනුෂ්‍යයින් වෙසෙන ලොවේ ලංකාවේ මෙවැනි මිනිසුන් සැමට ආදර්ශයක් (නි)
අයියෝ සල්ලි! (නි)
ගමේ ගොඩේ පොල්ගහකට, කොස්ගහකට නගින්න අද මිනිහෙක් සොයා ගැනීම අසීරු කාරණයක්. නමුත් කොළඹ රටේ ප්‍රශ්නයක් නැහැ. උදේට පාරේ කෑගසමින් යනවා ,පොල් කඩනවා ..ගස් කපනවා..අතු කඳු බානවා...ආදී ගස් නගින කොලුවාගේ විවිධ සේවා...ගමේ අයට වගේ වළලු අනවශ්‍යයි. නගින්නේ නැහැ වලල්ලෙන්.ගස මුදුනටම නැග හොරෙන් කුරුම්බා ගෙඩියක් බීලා අතු අස්සේ ගහනවා .වේලිච්ච ඉත්ත කඩනවා.පැහිච්ච ඉත්ත ගසේ තිබියදී ඊට බාල ඉත්තයි කඩන්නේ .ඊළඟ කැඩුම් මුරය ඉක්මන් කිරීමට.බහිනකොට කුරුම්බා ගෙඩියක් කටේ එල්ලාගෙන බහිනවා.උඩදී නොබීපු අන්දමට.ගසට නැගීමට පොරොන්දුව රු:50/= ඉති දෙකක්ම කැඩු නිසා 100/= ක් ම ඉල්ලා කරදර කරනවා. එතකොට අයිතිකාරයා, අනේ කුඩ්ඩෝ... නුබ හිතුවද මම තුම්පනේ කියලා .උඩදී බීපු කුරුම්බෙටයි ,කටේ එල්ලාගෙන බැහැපු ගෙඩි යටයි රු:50/= යි.කැමති නම් මේ 50/= අරගෙන යනවද? මගෙන් ගුටි කනවද? 50/= අතට ගත් ඔහු කඟවේනා වගේ ලැජ්ජාවෙන් පලා යනවා. (නි)
අනේ අසරණයාගේ ජීවිතේ බේරපු හැමට පින්. අපේ රටෙත් රිලවුන්ගෙන් වෙන හානිය වැඩියි. ඒත් මිනිසුන් ඔවුන්ට වද හිංසා කරනවා හැර උන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්නේ නැහැ. මේ ලගදි මම "ස්කයි චැනල් එකේ, "ඇනිමල් වෝර්කින්" කියල වැඩ සටහනක් බැලුවා මැලේසියාවේ ,සහ තායිලන්තයේ, රිලවුන් පොල් කඩනවා ,උන්ට උගනවන ස්කෝල තියනවා , උගන්වන හැටි දකින විට ඒ දර්ශන, ක්‍රියාවන්,හරිම සංවේදීයි. මිනිසාට කොපමණ කිට්ටු සතෙක්ද කියලා පුදුම හිතෙනවා. අපේ රටේ තියන විශාල ප්‍රශ්නයක් මේ පොල් කැඩිල්ල මිනිසුන්ගේ පස්ස පැත්තට නොවදින ටික පමණයි පොල් කඩන්න ගෙන්වාගන්න. රිලවුන්ට පුරුදු කරානම් පොල් කඩන්න, මිනිසු ගෙවල් වලට එයි, අපිව හොයාගෙන අපේ පොල් කඩන්න. ඒත් අපේ බණ්ඩා මම නම් අපිට පිටු පාන් නැහැ , අනේ එත් දැන් වයසයි. මට ගස් නගින්න බැහැ.(නදී)
අපේ රටේ මිනිස්සු තාමත් හොදයි. (අ)
එහෙම හරි බැස්සනේ. පින්සිද්ද වෙනවා ජීවිතයක වටිනාකම තේරුම් ගත්හ සියලු දෙනාටම. (නි)
පව් දෙයියනේ. අහිංසක මිනිහා බේරුනා කියල මම සතුටු වෙනවා. (නි)
හොඳ වැඩක් මේ සඳහා සහයෝගය දැක්වූ සියලුදෙනාටම ස්තුති (දී)
හරි වැඩේනේ.(නදී)
මේ මනුෂ්‍ය ජීවිතය බෙරග්ගේනීමට වෙහෙස මහන්සි උන සේමටම තෙරුවන් සරණයි (ත)
සමීර් වීර මල්ලි, මේ රිලව්න්ට කියලා පොල් කඩන්නේ රුපවතී අක්කා තමයි (නි)
අද රූපවති අක්කා නැද්ද? රූපවති අක්කා එතැන හිටියා නම් මෙන්න කියන කතාව ... 'පොල් මල්ලි බය නැතුව බිමට පනින්න හිතාගන්න. බසවක්කුලම වැව පසුගිය කාලේ දිගටම වැහැපු වැස්සට වැව පිරිලා පිටාර ගලනවා. වැවේ වතුර මඩ පාටට තිබුනට බයවෙන්න එපා. මඩේ එරුනොත් මම ඇදලා ගන්නම්. පනින්න මල්ලි පනින්න' (නි)
වරුණ, මතකද එදා ඔයත් පොල් ගහකට නැගලා පානදුරේ! (නි)