IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පන්සලට ගිය ගමන නැවතුණෙ පොලිස් රියකින් මතුවෙලා

(වියලුව වාර්තාකරු)
පවුලේ උදවිය ද සමග පෝදා පන්සල් ගිය පුද්ගලයෙකු ගමේ හොර අරක්කු තිප්පොළ අසල දී අතුරුදන් වී ටික වේලාවකට පසුව පොලිස් ජීප් රියකින් මතුවූ බව කියැවෙන පුවතක් වාර්තා විය.


 සිද්ධිය මෙසේය.


මතට ලොල් වූවෙකි. පෝය දිනයේ මතට තිත තැබූ හෙතෙම පවුලේ උදවිය ද සමග සවස් ජාමයේ ගමේ පන්සලට ගොඩවූයේ මලක් පහනක් පූජා කර පින් ලබා ගන්නටම නොව අඹු දරුවන්ගෙන් එල්ලවන නෝක්කාඩු ඉවසන්නට බැරි තැනය.


පන්සලේ වත් පිළිවෙත් හමාරවී හෙතෙම පන්සලෙන් පිටතට පැමිණියේ   නායක හිමියන්ට ද වැඳ ආචාර කරමිනි.


සිය පවුලේ උදවිය ද සමග නිවස බලා එද්දී ඔහුට දැක ගන්නට ලැබුණේ ගමේ හොර අරක්කු තිප්පොලෙන් පදමට ගසා පැමිණෙන මිතුරු පිරිසකි.


 හිමින් සීරුවේ පවුලේ උදවියගෙන් මග ඇරුණු හෙතෙම මිතුරු පිරිසට එක්වී හොර අරක්කු තිප්පොළට රිංගා හීන්  අඩියක් ගැසුවේ පන්සල් ගිය කාරණාව ද අමතක කරමිනි.


කෙසේ වෙතත් තමුන් සමග පැමිණි සැමියා සවස් වන තුරුත් නිවසට නොපැමිණීම ගැන සොයා බැලූ_ බිරියට දැන ගන්නට ලැබුණේ මත්පැන් පානය කර නගරයේ සැරි සරද්දී ඔහු පොලීසියට කොටුවී ඇති බවකි.

 



අදහස් (0)

පන්සලට ගිය ගමන නැවතුණෙ පොලිස් රියකින් මතුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 128 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site