IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුතාගේ උපන්දිනයට ගත්ත කේක් පැත්තකින් තබා තාත්තා බූරුවා ගහලා

හොරොව්පොතාන ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක්ය. 


ස්ථිර රැකියාවක් නොමැති මොහු කරන්නේ කුලී වැඩය. සුපුරුදු පරිදි කුලී වැඩක නිරත වූ ඔහුට රුපියල් දෙදහක මුදලක් ලැබුණේ පෙර දිනක තිබූ රුපියල් 500ක හිඟ මුදලක්ද සමඟය.


ඇඟේ පතේ අමාරුවට වැඩ නිමවීමෙන් පසු “බියර් එකක් ගැසීම”_ ඔහුගේ පුරුද්දකි. මෙදින ද සිය වැඩ නිමවීමෙන් පසු බියර් හවුස් එකෙන් බියර් එකක් බී නිවසට යාමට සූදානම් වූවා පමණි.


“ඔයාට මතකයි නේද හෙට පුතාගේ උපන්දිනෙ එනකොට කේක් කිලෝ දෙකක් අරන් එන්න පුතාගේ ස්කෝලෙ යාළුවන්ට දෙන්න”
උදේ නිවසින් එළියට බහිද්දි බිරිඳ කී කතාව සිහි වූයෙන් නගරයේ හෝටලයකට ගියේ “තව පොඞ්ඩෙන් බැනුම් අහලා එපා වෙනවා”_ යැයි තමාටම මුමුණමිනි.


කේක් මිලට ගෙන හෝටලයෙන් එළියට බැහැපු මේ පුද්ගලයාට සමීප මිතුරෙකු මුණ ගැසුණේ හදිසියේමය.


“අද අපේ තැනක කට්ටිය සෙට් වෙලා බූරු ගහනවා. එනවා නම් මාත් එක්ක යන්න පුළුවන්”


මිතුරාගේ වදනින් හිත යට සැඟව සිටි ආශාවක් උපන්නේ කලක සිට කරගෙන ආ සෙල්ලම අමාරුවෙන් අමතක කර සිටිය මොහොතකය.


අතේ ඉතිරි රුපියල් දාහක මුදලට මිතුරාගෙන් ණයට දාහක් එකතු කරගැනීමෙන් පසු දෙදෙනාම යන්නේ කැලෑබද ප්‍රදේශයකටය.


ඒ වන විටත් වැඬේ පටන් ගෙන තිබූ නිසා අතේ තිබූ කේක් කිලෝ දෙක අයිනක තබා හිටගෙනම ඔට්ටු ඇල්ලුවේය. අතේ ඇති මුදලට තවත් කීයක් හෝ වැඩි කර ගැනීමට සිතූ ඔහුට අතේ තිබූ දෙදහා පැරදුණෙ විනාඩි කිහිපයක් තුළ ය. තවත් ණය විය. ඒවාට ද අත්වූයේ ඉහත ඉරණමය.


දැන් ණය පන්දාහකට වැඩිය. හිතේ අමාරුවෙන් වුණත් නිවසට යායුතු තමා සන්තකයේම ඉතිරිව ඇත්තේ කේක් කිලෝ දෙකක් පමණි. ”වේලාසනින් ගත්ත නිසා ඒකවත් ඉතුරු වුණා ”තමාටම කියමින් කේක් කිලෝ දෙක තැබූ තැනට ගිය ඔහුට තරු පෙනුණේය.


“දෙයි හාමුදුරුවනේ කේක් කිලෝ දෙකම කැලේ හිටපු ඌරු මීයෝ කාලා දැන් කොහොමද මම ගෙදර යන්නේ”


දැනගන්නට ඇත්තේ දින දෙකක් ගතවී ඇතත් ඔහු තවමත් නිවසට නොගිය බවය.
(හොරොව්පොතාන පැතුම් දර්ශන)

 



අදහස් (0)

පුතාගේ උපන්දිනයට ගත්ත කේක් පැත්තකින් තබා තාත්තා බූරුවා ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site