IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නිලධාරියාගේ හෙල්මටයෙන් මාපිලෙක් ඇවිත්...

:නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා*
පැළඳ සිටි හෙල්මටය තුළ මාපිලකු සිටීමෙන් නිලධාරියකු මුහුණ දුන් අපූරු පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා පෙදෙසකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


ඔහු රැකියාවක නියුතු අයෙකිග මෙදින ඔහු සුපුරුදු පරිදි තම යතුරුපැදියේ නැගී රාජකාරි සඳහා පැමිණ ඇත. වෙනදාට වඩා තරමක් ප්‍රමාද වී කාර්යාලයට පැමිණි හෙතෙම හෙල්මටයද ගලවා අතේ දාගෙන කඩිමුඩියේ කාර්යාලය දෙසට යමින් සිටින අතර හෙල්මටය තුළින් මාපිලකු එළියට පැමිණ ඇත.


කලබලයට පත්වූ නිලධාරියාගේ කෑගැසිල්ලට කාර්යාලයේ සෙසු නිලධාරීන්ද එතැනට පැමිණ සර්පයා මරාදමා නිලධරියාගෙන් කරුණු විමසා ඇතග සුලු මොහොතකින් නිලධාරියා ක්ලාන්ත වී ඇද වැටී ඇත.


කලබලයට පත් සෙසු නිලධාරීන් සර්පයා දෂ්ඨකර ඇති බව පවසමින් රෝගී වූ නිලධාරියාත් මරණ ලද සර්පයාත් රෝහලට රැගෙන ගොස් ඇතග වෛද්‍යවරුන්ද රෝහලට පැමිණි රෝගියා පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදී ඇත.
සවස් වනතුරු රෝහලේ නැවතී සිටීමට ඔහුට සිදු වූ නමුත් සර්පයකු දෂ්ඨකර නොමැති බව පසුව වෛද්‍යවරුන් අනාවරණය කරගෙන ඇත.


පසුදින කාර්යාලයට පැමිණි ඔහු තමා ඊට පෙර වැස්ස නිසා යතුරුපැදිය හන්දියේ කඩයේ නවතා තබා ත්‍රිරෝද රියෙන් නිවසට ගිය බවද පසුදින පැමිණ යතුරුපැදියේ නැගී කාර්යාලයට ආ බවයි. කෙසේ වෙතත් එදින කාර්යාලයේ සියලු දෙනා සහෝදර නිලධාරයාට වූ අකරතැබ්බය පිළිබඳව සිනා සෙමින් උසුළු විසුළු කර ඇත.

 



අදහස් (1)

නිලධාරියාගේ හෙල්මටයෙන් මාපිලෙක් ඇවිත්...

saman Wednesday, 12 February 2020 07:53 AM

අකරතැබ්බයකට උසුළු විහිළු ?

:       0       62

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 241 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 391 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site