IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


දෙදරු මව දරු දෙදෙනා සැමියාට බාරදී අලූත් පෙම්වතා සොයාගෙන ගිහින්

වයස අවුරුදු  32ක් පමණ  වූ දෙදරු මවක් හිටිහැටියේ ආගිය අතක් නැතිවිය. නිවැසියන් බලවත් පරිශ‍්‍රමයක් දරා ඇය සෙවූවද සියලූ උත්සාහයන් ගඟට කැපූ ඉනි මෙන් විය. නමුත් පුදුමයට කරුණ වූයේ එම ගමට මාළු වෙළෙඳාම පිණිස යතුරුපැදියකින් පැමිණි මාළු අලෙවිකරුද එදිනම අතුරුදන් වී තිබීමයි. ” ඕකි ෂුවර් එකටම පැනලා ගිහින්  තියෙන්නේ මාළු වෙළෙන්දෙක් එක්ක තමයි”. ගමේ සියලූ දෙනාගේම මතය එය විය. ඒ අනුව ඇගේ අතුරුදන්වීම පිළිබඳව ඉංගිරිය පොලීසියේ පැමිණිල්ලක් ගොනු කෙරුණු අතර මාළු අලෙවිකරුට එරෙහිවද පැමිණිල්ලක් සටහන් විය. දින පහ හයක පමණ කාලයක් අතුරුදන්ව සිටි මාළු අලෙවිකරු දුරකරතන මාර්ගයෙන් පණිවිඩ යවා ඉංගිරිය පොලිසියට කැඳවනු ලැබීය. තමාට  එරෙහි පැමිණිල්ල අසා උඩ බිම බැලූ ඔහු ”මම මගේ නෝනත් එක්ක අළුත්ගම පැත්තෙ අපේ නෑයකුගේ මඟුල් ගෙදරක ගියා” යයි ඔහු පොලීසියට කීවේය. කරුණු සොයා බැලූ කල කතාව ඇත්ත විය. අතුරුදන් කාන්තාවගේ නිවැසියන්ට තරු පෙනුණේ තමන් ගත් තීරණය වැරදි බව හෙළිවූ විටය. සති දෙකක පමණ කල් ගත් උත්සාහයේ ප‍්‍රතිඵල ලෙස අවසානයේදී ඇය සොයාගත හැකි විය. ඇය පැන ගොස් තිබුණේ ඇයට වඩා වයසින් බාල තරුණයකු සමඟය. දෙපාර්ශවයම පොලීසියට කැඳවනු ලැබූහ. ”මට මෙයා හොඳයි. මම එයා එක්ක යනවා. ඔයා ළමයි දෙන්න බලාගෙන ඉන්න”  ඇය තම නීත්‍යනුකූල සැමියාට පැවසුවාය. ”එයා හොඳ නම් එයා එක්කම ඉන්න එකයි ඇත්තේ මටත් කමක් නෑ.”සැමියාගේ පිළිතුර විය. සියල්ල සාමකාමීව විසඳුණි. ඇය තම අලූත් පෙම්වතා සමඟ නව කැදැල්ලක් වෙත ඉගිල ගියේ පේ‍්‍රමයේ රස මිහිර විඳීමටය. ඇගේ නීත්‍යනුකූල සැමියා තම දරු දෙදෙනාද සමඟින් නැවතත් තම නිවහන වෙත යාමට පිටත්වූයේ සුසුමක් හෙළමිනි. මාළු අලෙවිකරු නැවතත් පහුවෙනිදා සිට තම සුපුරුදු වෘත්තීය ආරම්භ කළේය. නමුත් තම මව අහිමිව පියා සමග තනිව නිවසට යන කුඩා දරුවන් දෙදෙනා දුටු බොහෝ දෙනෙකුට ”ආනේ අනිච්චං!” යැයි කියවුණේ ඉබේටමය. ඉංගිරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ උපපොලිස් පරීක්‍ෂක මුතුකුමාරණ මහතා ඉදිරියේ මේ කතාව දිග හැරුණේය.



අදහස් (0)

දෙදරු මව දරු දෙදෙනා සැමියාට බාරදී අලූත් පෙම්වතා සොයාගෙන ගිහින්

W.W.S. Wednesday, 01 February 2012 03:30 PM

මඩුවලිගෙන් තලන්න ඕනා මේ වගේ අයට තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 897 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site