(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
කාලයක් තිස්සේ තමා තේ කම්හලට ගෙනගිය අමු තේ දලු ගෝනියේ කිලෝග්‍රෑම් දෙක හමාරක කුළු ගෙඩියක් සඟවාගෙන ගොස් මහා වංචාවක් සිදුකළ පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ තේ කර්මාන්තයයි. කුඩා තේ ඉඩම් හිමියන්ගේ අමු දලු වාහන මගින් තේ කම්හල් කරා ගෙනයාම සාමාන්‍ය ක්‍රමවේදය වන අතර ඒ සඳහා ප්‍රවාහන ගාස්තුවක් ගෙවීමට තේ ඉඩම් හිමියාට සිදුවෙයි.
තේ කම්හල ආසන්නයේ සිටින තේ ඉඩම් හිමි අයට තම අමු තේ දලු අස්වැන්න ගෝනිවල බහා හිස මතින් තේ කම්හල ගෙන ගොස් බාරදිය හැක. මේ නිසා ප්‍රවාහනයට වැයවන මුදලද ඉතුරු වේ. එසේ ගෙනයන දලු ගෝනිය කම්හල් නිලධාරියකු විසින් බර කිරා පොත්වල සටහන් කළ පසු දලු හිමියා හිස මතින්ම කම්හලට ගෙනගොස් නියමිත ටැංකි තුළට දලු බැහැර කර හිස් ගෝනිය රැගෙන යා යුතුය.
මේ අවසරයෙන් වාසියක් ගැනීමට සිතූ මෙම පුද්ගලයා ඒ සඳහා උපක්‍රමයක් යොදා ගත්තේය. මේ සඳහා ප්‍රමාණයෙන් කුඩා නමුත් බරෙන් වැඩි මිට රහිත කුළු ගෙඩියක් සුදුසු යැයි ඔහුගේ කපටි මොළයට කල්පනා විය.
ඒ අනුව ගෝනියට අමු තේ දලු දමා කුළු ගෙඩියද දලු අතර සූක්ෂම ලෙස සඟවා කම්හලට ගෙනගොස් පරිස්සමෙන් තරාදිය මත තබන ඔහු නිලධාරියා බර කිරූ පසු කම්හල තුළට ගෙන ගොස් කුළුගෙඩිය ටැංකිය තුළට නොවැටෙන සේ අල්ලාගෙන දලුටික හිස්කර කුළුගෙඩිය ගෝනියේ ඔතාගෙන නිවෙසට යයි.
දිගු කලක් මේ වංචාව මෙසේ කරගෙන යද්දී දිනක් දලු ටික ටැංකියට හලා ආපසු එද්දී පය පැකිලී කම්හල තුළ සිමෙන්ති පොළොව මත මේ පුද්ගලයා ඇදවැටිණි. ඒ සමගම පොළොව මත කුළුගෙඩිය ගැටීමෙන් නැගුණු අමුතු හඬ නිසා නිලධාරීන්ගේ අවධානය ඒ දෙසට යොමුවීමත් සමඟ කාලයක් තිස්සේ දිනකට කිලෝ දෙකහමාර බැගින් සිදුකළ දලු වංචාවක් අතටම මාට්ටු වුණා ලු.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ කම්හලේ ඇදගෙන වැටිලා අවුරුදු ගානක හොරයක් එළිවෙලා
sampath Friday, 29 January 2021 06:54 AM
මේක තමයි ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම...