(තිහගොඩ උපසේන ලියනගම)
මත් වතුරට ඇබ්බැහි වී සිටි ඔහු ගම්පහ නගරාසන්නයේ ජීවත් වූ සිව් දරු පියෙකි.

කොරෝනා වසංගතය නිසා සියලුම තැබෑරුම් වසා දැමීම නිසා පීඩාවට පත්ව සිටි ඔහුට තරමක් ඈතින් පිහිටි උප නගරයක තැබෑරුමක් රහසේ විවෘත කර ඇති බවට ආරංචියක් ලැබිණි.
ඇඳිරි නීතිය මැද එහි යාමට උපායක් සිතූ ඔහු තම යතුරු පැදියේ ගෑස් ටැංකිය බැඳගත්තේ ඊට පිළියමක් ලෙසටය.
තැබෑරුම් හල අසලට ගිය විට එහි ගනුදෙනුකරුවන් නොවූවත් ඉදිරිපස දොර විවෘතව පැවති නිසා යතුරු පැදිය නවතා තැබෑරුමට ගොස් එබී බැලූ විට ඔහුට තරු පෙණුනා.
එහි සිටියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකි.
‘‘ඇයි? පොලිස් නිලධාරියා විමසුවෙන් තැතිගත් ඔහු
‘‘මම සර්, ගෑස් ගහන්න යන ගමන් මේක ඇරපු නිසා එබිල බැලුවා.’’ කීවේ බියෙන් වෙවුලමිනි.
‘‘ඇයි, ගෑස් ටැංකියට අරක්කු ගහන්නද?’’ ඇසූ පොලිස් නිලධාරියා ඔහුට දැඩි සේ අවවාද කොට ඇඟ පතද පරීක්‍ෂාවෙන් පසු මුදා හැරියෙන් ඔහු යළිත් ගෑස් ටැංකිය සහිත යතුරු පැදියට නැග්ගේ දුක්මුසු බැල්ලමක් හෙළමිනි.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගෑස් ටැංකියට අරක්කු ගහන්න ගිහින්