(හිඟුරානේ - නවරත්න සමරතුංග)
ත්‍රිරෝද රථ රියැදුරෙකුට එක්තරා ගුරුවරියක විසින් අමතක නොවන පාඩමක් ඉගැන්වූ බව කියන සිද්ධියක් අම්පාර නාගරික ප්‍රදේශයෙන් වාර්තාවේ.
එම සිද්ධිය මෙසේය.

දිනය ඉකුත් 11දාය. වෙලාව පෙරවරු 8.45ට පමණ ඇත. වෙනත් නාගරික ප්‍රදේශයකින් පැමිණි ත්‍රිරෝද රථයක් කෙටි අතුරු මාර්ගයක් ඔස්සේ අම්පාර නගරය වෙත ගමන් කරමින් තිබිණි.
ඉදිරියෙන් ගමන් කළ රූමත් කාන්තාවක් පිටුපසින් එන එම ත්‍රිරෝද රිය දෙස හැරී බලා එය නවත්වන ලෙස අතින් සංඥාකර ඇත. ඒ අනුව රියැදුරා රිය නතරකළ විට අසවල් ඉස්කෝලය ළඟට යන්න පුළුවන්දැයි ඇය විමසුවාය.
උදෑසනම තමන් අතට කිසියම් මුදලක් ලැබෙන බව සිතූ රියැදුරා ඔහු ගමන් කළ දිසාව මාරුකර එම කාන්තාව රියට නංවාගෙන ඇය පැවසූ විදුහල වෙත ගමන් කරන්නට විය.
‘බලන්නකෝ මගේ වාහනේ ආවෙ නැහැනේ. දැන් මගේ අතේ සල්ලිත් නැහැ අනේ යැයි ත්‍රිරෝද රියේ ගමන්ගත් ඇය කටහඬ අවදි කළාය.
‘අතේ පිච්චියක් නැතිව අහවල් එහෙකටද එහෙනම් උදේ පාන්දර වාහනේ නවත්තලා මේකට නැග ගත්තේ. මම යන ගමනත් මස්තබාල්දු වෙන බව ටීචර් කෙනෙක් වුණාම දන්නේ නැද්දැයි’ කියන්නට ඔහුට සිත්වුණද එය තමාටම කියාගත් රියදුරා ආපසු යන්නට රිය හරවද්දී ඉන් බැසගත් ගුරුවරිය ඔමරි සිනාවක් පා ස්තුතිකර යන්නට ගියාය.
මෙම සිද්ධිය එක්තරා ගුරුවරයෙකුට එම රියැදුරා පැවසූ විට ගුරුවරයා කීවේ ‘ඒ ටීචර් උගන්වලා තියෙන්නේ පොඩි පන්තිවල ළමයින්ට උගන්වන ප්‍රාථමික තාක්ෂණ කුසලතා වර්ධනය’ කරන පාඩමක්. ඔයත් ඒක ඉගෙනගෙන තිබුණානම් ඔය වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැයි එම ගුරුවරයා පැවසූ බව දැනගන්නට ඇත.
2025 නොවැම්බර් මස 21
189
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1145
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගුරුවරියගේ පොතෙන් ත්‍රීරෝද රියැදුරුට තරු පෙනිලා
abaran Tuesday, 16 October 2018 05:18 AM
කපටිකම වංචාව ආදී සමාජයට අහිතකර දේ ගුරුවරු විසින් කර එය චන්ඩි වැඩක් ලෙසින් සමාජ ගත කිරීම රටේ අභග්‍යකි. නුදුරු අනාගතයේ රට බාර ගැනීමට ඉන්නා දරුවන්ට වැරදි ආදර්ශයක්ද මින් ලැබෙන නිසා ගුරුවරුන් ගැන තිබෙන ගෞරවයද හැල්ලු වනු ඇත.