IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


කුලී ඉඩමේ හැදුණු කෙසෙල් කැන අයිතිකරු කපාගෙන ගිහින්

(නයිනමඩම - චන්දන ප‍්‍රනාන්දු)
කාලයක් රැක බලාගත් කෙසෙල් පඳුරක තිබූ හොඳින් හැදුණු කෙසෙල් කැන, අසල ඉඩමේ හිමිකරු බලෙන් රැගෙන ගිය පුවතක් නයිනමඩම ප‍්‍රදේශයෙන් පසුගියදා වාර්තා වේ.


කුලීවැඩ කරමින් බිරිය හා දරුවන් සමඟ අගහිඟකම් මැද්දේ දිවි ගෙවූ අයකු තමන්ට අයිතියක් නැති ඉඩමේ වගාවක් නොකර අසල මාර්ගයේ ඉඩකඩ ඇති තැනක කෙසෙල් පඳුරක් සිටුවාගෙන ඇත්තේ වැඩි පරිස්සමට බවයි වාර්තා වුණේ.


මෙයට සාත්තු කරමින් ඉතා හොඳින් රැුක බලාගත් නිසාම කෙසෙල් කැන් කීපයක්ම හැදීමෙන් මේ අසරණ පවුලට ආදායමක් ලැබිණි. මෑතකදී එම කෙසෙල් පඳුරේ හටගත් කෙසෙල් කැනට කරු තබා වතුර ගසා රැුකබලාගෙන ඇත්තේ තමන්ගේ දරු පවුලට එයින් සුළුවෙන් හෝ ශක්තියක් ලැබෙන නිසාලූ.


ඒත් එක උදෑසනක කෙසෙල් ගස මායිම්ව තිබෙන ඉඩමේ හිමිකරු කිසිදු සොයා බැලීමක් නොකර හොඳින් වැඩුණු කෙසෙල් කැන කපාගෙන යමින් පවසා ඇත්තේ එය කවුරු සිටෙව්වත් කවුරු සාත්තු සප්පායම් කළත් මාර්ගයේ තිබුණත් එහි මුල් හා අතු තම ඉඩමට විහිදී ඇති නිසා එම කෙසෙල් කැන අයිති තමන්ට බවයි.


ප‍්‍රදේශයේ ධනවත් පුද්ගලයකු නිසා කිසිත් කර කියා ගත නොහැකිව සිටින කම්කරු පුද්ගලයාට මතක් වුණේ හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා පාත්වෙන අවස්ථා තියෙන බව කියන ඒ පැරණි ප‍්‍රස්ථා පිරුළලූ.



අදහස් (0)

කුලී ඉඩමේ හැදුණු කෙසෙල් කැන අයිතිකරු කපාගෙන ගිහින්

පහන් Wednesday, 10 June 2015 08:54 AM

මහන්සියෙන් තොරව ධනය උපයන කවුරුත් මතක තබාගත යුත්තේ ඔබ මහන්සි නොවී උපයන ධනය වෙනුවෙන් ලෝකයේ කොහේ කොතැනක හෝ තවත් අයෙකු දහදිය හෙලන බව.(ම)

:       0       0

පැරිස් Tuesday, 09 June 2015 08:35 PM

මෙවැනි අධම මිනිසුන් මිනිස්කමටත් නිගාවකි. (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Tuesday, 09 June 2015 10:22 PM

ධනවත් මිනිසුන් යනු, අනුන්ගේ දුක නොතේරෙන, හිත උණු නොවෙන, ගල් හදවත් ඇති, දෙපයින් යන සත්ව කොට්ඨාශයක් බව, මා කියවූ පොතක තිබුණා.ඒක නම් සම්පුර්ණ ඇත්තක් බව, "කම්කරුවා, ධනවතා සහ කෙහෙල් කැන" යන ප්‍රභන්ධයෙන් මොනවට පැහැදිලි වෙනවා.එහෙත් මේ ධනවතා "එහි මුල් හා අතු තම ඉඩමට විහිදී ඇති ....", බව දැනගත්තේ කොහොමද? (නි)

:       0       0

සරත් Tuesday, 09 June 2015 11:04 PM

පොළියත් එක්ක ගෙවන්න වේවි. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 09 June 2015 11:51 PM

ධනවතා ධනවත් වන්නේ දුප්පතා නිසා. දුප්පතා දුප්පත් වන්නේ ධනවතා නිසා. නේද?අනිත් මිනිහට මොනවා වුණත් මට මොකද මගේ මල්ල පිරෙනවා නම් කියා හිතලා වැඩකරන මිනිසුන් කොටසක් මේ. (නි)

:       0       0

දිසා Wednesday, 10 June 2015 01:19 AM

ෂුවර් එකටම පරණ ආණ්ඩුවේ ගෝලයෙක් (නි)

:       0       0

සෙලනිකස් Wednesday, 10 June 2015 02:25 AM

නන්දලාල්-ප්‍රංශය,ඕවා හැමතැනටම හරියන නිර්වචන නොවේ. තමන්ගේ උත්සාහයෙන්, මහන්සියෙන් සාධාරණව ව්‍යාපාර කර බොහෝ දෙනාට රැකියා අවස්ථා දෙන ධනවතුන් කොතෙක් ඉන්නවාද? අපේ සමහර අය හිතන්නේ දුප්පත් නිසා හැමදේම, විශේෂ අවස්ථා, පහසුකම් ලැබීම අනිවාර්යයි කියලා. ඒ ලබාදෙන පහසුකම් වල නියම වියදම දරන්නේ ධනවතුන් (බදු හරහා) බව මේ අය හිතන්නේ නැහැ. (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 10 June 2015 01:52 PM

ඒ ධනවත් පුද්ගලයට කියන්න නෝනාව පාරට එවන්න එපා කියලා (නි)

:       0       0

ගයන Wednesday, 10 June 2015 02:28 PM

කාටත් හිමි පොදු දේ නම් නැති බරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරුවිරුකම් උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ මේ දේවල් අද කලෙට ගොඩක් ගැලපෙනව.........(අ)

:       0       0

නිමලරත්න Wednesday, 10 June 2015 07:51 AM

මුල් අතු තිබුන කියල අයිතියක් එන්නේ කොහොමද. මේක යකාගේ නීතියක්නේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

බල්ලකුට ගුටිකෙළගෙන කූඩුවෙත් ලැගලා
2025 පෙබරවාරි මස 14 262 0

නිවෙසක ඇතිදැඩි කරන සුනඛයකු සම්බන්ධ පැමිණිල්ලක් විභාග කිරීම සූදානම්වත්ම පොලිසිය තුළම කෙස්වළු පටලවාගත් බැවින් ඊට අදාළ සියලු‍ දෙනාම පොලිස් කූඩුවේ රඳව


රිළවකුට බිය වී අඩ නිරුවතින් දුවලා
2025 පෙබරවාරි මස 13 737 0

කාමරයට කඩා වැදුණු රිළවකු නිසා තරුණියන් බියට පත්ව අඩ නිරුවතින් කාමරෙන් එළියට පැන හිස්ලූ අත දිවයාමේ පුවතක් බදුල්ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ.


වළ නැතිව තරු පෙනිලා
2025 පෙබරවාරි මස 12 717 2

අරණායක ප්‍රදේශයේ අසුපිණි ඇල්ල පෙනෙන මානයේ එක්තරා ගමක මෘතදේහයක් මිහිදන් කිරීමට සොහොන් භූමියට ගිය හිතවතුන්ට තරු පෙනුණ පුවතක් අරණායකෙන් වාර්තා වේ.


වොයිස් මැසේජයෙන් නෝනාගේ රෙදි ගැලවිලා
2025 පෙබරවාරි මස 11 2372 0

වොයිස් මැසේජ් එකෙන් ඔහුගේ නෝනාගේ තරම කාර්යාලයම දැනගත් පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


කෙට්ටු කරන්න ගිහින් මට්ටුවෙලා
2025 පෙබරවාරි මස 10 882 0

ප්‍රියම්භිකාවගේ සිරුර කෙට්ටු කරන්න ගොස් තමන්ට තට්ටුවූ අයකු පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


දෙහිකපන්න හොයද්දී පදමට ගහලා ඇඳයට බුදි
2025 පෙබරවාරි මස 08 496 0

අතුරුදන් වූ අයකු ඇඳක් යටින් සොයා ගත් පුවතක් මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකින් අසන්නට ලැබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 202 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 132 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 941 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site