IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරැසී දෙහි සොරකම් කරලා

(තිහගොඩ උපසේන ලියනගම)
සෞඛ්‍ය විද්‍යනුකුල කොරෝනා ඇඳුම් කට්ටලයකින් සැරසී දෙහි සොරකමේ ගිය පුද්ගලයකු පිළිබඳ අපූරූ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උප නගරයක වූ ප්‍රධාන එළවළු වෙළෙඳ සැලකිනි.


​මේ දිනවල උග්‍ර දෙහි හිඟයක් ඇති හෙයින් මෙම වෙළෙඳ සලෙහි දෙහි ගෙඩියක් වික්කේ රුපියල් පනහකටයි.

පසුගියදා වෙළෙඳ සලෙහි යකඩ දොරටුව විවරකොට ඇතුළු වූ සොරකු එහි වූ දෙහි කිලෝ දහයකට අධික ප්‍රමාණයක් ගෙන ගොස් තිබු අතර එහි සවිකොට තිබූ සීසීටීවී කැමරාවේ සටහන්ව තිබුණේ නාස් මුව ආවරණ මෙන්ම දෙනෙත් ආවරණද හිස් ආවරණ හා අත්පා ආවරණද සහිතව විෂබීජ හරණයේ නිරත නිලධාරියකු ලෙස පැමිණ තිබු හෙයින් හඳුනාගත නොහැකි බවකි.


වෙළෙඳ සලේ මිල මුදල් හෝ වෙනත් කිසිදු එළවළුවක්  ගෙන ගොස් නොතිබූ අතර රුපියල් දස දහසක තරම් දෙහි මුළුමනින්ම ගෙන ගොස් තිබු බව පවසන වෙළෙඳ සල් හිමිකරු තමා මේ පිළිබඳව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා නමුත් මේ හොරා පිළිබඳව සෙවිල්ලෙන් පසුවන බව පැවැසීය.

 



අදහස් (0)

කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරැසී දෙහි සොරකම් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site