(නිකවැරටිය/ ප්‍රියාණි මංගලිකා)
කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට මීටරයේ දුර ගලපා ගන්නට බසයේ කවුලුවෙන් හිස පිටතට දමාගෙන ගිය බස් මගියකු පිළිබඳ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තාවේ.

සිද්ධිය මෙසේය -
මෙම පුද්ගලයා ග්‍රාමීය පෙදෙසක මැදිවියේ පුද්ගලයෙකි. හෙතෙම වර්තමානයේ පවතින කොරෝනා වයිරසයෙන් බේරීමට සියලු සනිපාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නෙකි.
මෙදින මෙම පුද්ගලයාට හදිසියේ ගමනක් යෑමට සිදුවිය. මුඛ ආවරණ ද නිසි පරිදි පැළද, විෂබීජ නාශක බෝතලයක්ද බෑගයේ දමාගෙන ගමනට පිටත් වූයේය. පෞද්ගලික මගී ප්‍රවාහන බසයකට නැගුණ ඔහු දෙදෙනකු අසුන් ගන්නා අසුනක කෙළවරට විෂබීජ නාශකද යොදා සෞඛ්යාරක්ෂිත ලෙස ගමන යෑමට පිටත් වූයේය.
මඳ දුරක් යනවිට අතර මගදී නැගුණ අයකු මෙම පුද්ගලයා සිටින අසුනේ අනෙක් පස වාඩි වූයේය. එයින් කලබලයට පත්වූ මෙම පුද්ගලයාට සමාජ දුරස්ථභාවය ගැන සිහියට නැගිණි. ‘‘දෙයියනේ මීටරයක් දුර නෑනේ. මේ මනුස්සයා මගේ ඇඟෙත් වදිනවා’’ ඔහු දස අතේ කල්පනා කරමින් හැකි තරම් අසුනේ කෙළවරට වුවද මීටරය ගලපා ගත්තට නොහැකි වීමෙන්. කවුළුවේ වීදුරුව හැර හිස එළියට දමා ගත්තේය. ඉන් ඔහුට යම් සැනසීමක් ද ලැබුණි.
එහෙත් පැති කන්නාඩියෙන් එය දුටු රියදුරාට නම් යකා නැග්ගේය. ඔහු බසය නවතා මෙම පුද්ගලයා සිදු කරන අනතුරුදායක ක්‍රියාව ගැන දොස් නැගුවේය.
‘‘මොනවද මනුස්සයෝ ඔය කරන්නේ. බෙල්ල කඩාගෙන මැරෙන්නද හදන්නේ.’’ යැයි රියදුරු කෑගැසීය. එය අසා සිටි මෙම පුද්ගලයා හිස ආපසු ගෙන ‘‘ඩ්‍රයිවර් මහත්තයා මම එහෙම කළේ සීට් එකේ මීටරේ දුර නැති නිසානේ. මේ බස් එකෙත් පොලීසියෙන් කොළ අලවලා තියෙන්නේ මීටරෙන් ඉන්න කියලා. අර බලන්නකෝ’’ යනුවෙන් කියා ඇත.
බස් රථයේ සිටි සියලු දෙනාටම සිනාව නවතා ගැනීමටද නොහැකි වූයේලු.
2025 දෙසැම්බර් මස 04
456
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනාවෙන් බේරෙන්න බසයෙන් එළියට ඔළුව දාලා