(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මාතලේ සිට කොළඹ බලා ගමන් කළ බස් රථයකි. එහි රියැදුරා මැදිවියේය. ඉතා සංයමයෙන් රිය පැද වූ ඔහු මගීන්ගේ සිත් ගත්තේය. නිට්ටඹුව නගරය පසුකර යද්දී එහි ගොඩ වූ මගියකු මේ රියැදුරාගේ කල්ක්‍රියාව දෙස බලා සිටියේ සතුටු සිතිනි. වෙනත් කිසිදු රියකට අවහිර නොකර සාමාන්‍ය වේගයෙන් ඔහුගේ රිය පැදවීම මේ මගියාගේ විශේෂ අවධානයට ලක්වූයේය.
බසය යක්කල, මිරිස්වත්ත පසුකර මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල වංගුව පසු කළා පමණි. පාරේ සිටි පොලිස් නිලධාරියෙක් බසය නවතන ලෙස සංඥා කරනු ලැබීය. රියැදුරා බසය නැවතුවේය. දැඩි කල්පනාවෙන් රියෙන් බසින අතරතුර ඔහු ගැන විමසිල්ලෙන් සිටි මගියාට පැවැසුවේ “අනේ මහත්තයෝ මම නම් කිසි වරදක් කළේ නැහැ. මොනවාට නතර කළා ද දන්නේ නැහැ” කියාය. පොලිසිය වීනිත රියැදුරන් තෝරන නිසා මේ රියැදුරුට ඒ සඳහා ත්‍යාගයක් ලබාදීමට බසය නවත්වන්න කියා ඇතැයි සිතූ මගියා “කමක් නැහැ ගිහින් බලලා එන්නැ”යි කීවේය.
ටික වේලාවක් ගත කළ රියැදුරා ආපසු ආවේ අවුල් වූ සිතින් යුතුවය. ඇයි? පෙරකී මගියා විමසීය. “අනේ බලන්නකෝ මම කෝල් එකක් ගත්තා කියලා දඩ කොළයක් දෙන්න හැදුවා. මා ළඟ දුරකතනයක් නැති බව වැඳලා කියලා මේ බේරිලා ආවේයි” රියැදුරා පැවැසීය. පොලිසිය නවත්තන්න ටිකකට ඉස්සෙල්ලා මම මගේ කන කැසුවා. මහත්තුරු ඒක දකින්න ඇති කී රියැදුරා බසය යළි පණගන්වා ගමනාන්තය කරා පිටත්වූයේ එතෙක් ආවාටත් වඩා කල්පනාකාරීවය.

COMMENTS
මේ වගේ අසරණයින්ට තමයි පොලිස් නිලධාරීන්ගේ සැර. ත්‍රී වීල් කාරයෝ කොච්චර වැරදි කළත් නොදැක්කා වගේ අහක බලන් ඉන්නේ එයාලට අත තියන්න බයයි.
ත්‍රී වීල් කාරයින්ට බය පොලිසිය. ???? දෙය්යෝ සාක්කිම තමයි?
දැන් ඔය කියන සතුටු හිතැති මඟියා වෙන කවුරුවත් නෙවෙයි. මේක එවපු වාර්තාකරු. අපි හිතමු බස් රථයේ රියදුරා ඇමතුමක් ගනිමින් රිය පැදෙව්වා කියලා. පොලිස් නිලධාරියාට බොරුවට කන කැසුවා කියලා කිව්වා කියලා. එහෙම නම් මොකද කියන්නේ?
වාහනයක් පදවන කොට කන කොටියෙක් හෝ කිඹුලෙක් කෑවත් අතනම් කණගාවට ගෙනියන්න එපා.. ඔය නීතිය ඔය අපේ හරියේ විතරයි. අර උඩහට ගියාම සැලියුට් එකක් ගහල යන්න මල්ලි (වයස වැඩි වුනත්) කියලා තමයි කියන්නේ...