පිටරටින් ගෙන්වන ලද මත්පැන්, ගබඩා කරන ස්ථානයකි.
මත්පැන් වර්ග අඩංගු පෙට්ටි පැටවීම සහ බෑම කරනු ලැබුවේ තාවකාලිකව බඳවා ගන්නා ලද තරුණ කම්කරුවන් පිරිසක් විසිනි. ඉතාමත් මිල අධික මත්පැන්ද මෙහි ගබඩාකර තබිි ණි.
දිනක් තරුණයින් මත්පැන් අඩංගු පෙට්ටි ගබඩාවට බාන අවස්ථාවේදී ආවරණය ගැලවී තිබූ පෙට්ටියක මත්පැන් බෝතලයක් බිම වැටී බිඳුනි. වහාම තරුණයකු එහි ඉතිරිවූ මත්පැන් පසෙක තිබූ ප්ලාස්ටික් බඳුනකට හිස් කළේය.
පසුව කිහිප දෙනෙක් මුල්ලකට ගොස් නිලධාරීන්ට නොපෙනී ප්ලාස්ටික් බඳුනේ වූ මත්පැන් ස්වල්පය බැගින් පානය කළහ. කව්රු නොදුටුවත් සීසීටීවී කැමරාව එම දසුන බලා සිටි අතර තරුණයින්ගේ විලාශය දුටු නිලධාරීන් කැමරාව පරීක්ෂා කිරීමේදී තරුණයින් මත්පැන් පානය කරන අයුරු දැකගත හැකිවිය. ”බෝතල් කටු බඩට ගිහිල්ලත් ඇති.” නිලධාරියෙක් පැවසීය.
පසුව ඔවුන්ගේ සේවය අත්හිටුවන ලදී, මත්පැන් බෝතලයේ වටිනාකම රුපියල් හැටපන් දහසකි. වාර්තාවූයේ කොළඹ ප‍්‍රදේශයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස්සාව නැති උනේ අහවල් විස්කි ජාතිය බීලා ඉඳලා කියලා ලැජ්ජා නැතුව කියන්න පුළුවන්නේ . (ර)
65,000ක් වටිනා බීම ජාතියේ නම කියන්නකෝ. දන්නේ නැති නිසයි අහන්නේ (නි)
බඩජාරිකම රස්සාවට වැඩිය ලොකුයි (නි)
මම වුණත් බොනවා. 65000 ක් කියන්නේ පොඩි ගානක්ද? (නි)