(ඇහැලියගොඩ ආරියවංශ පැල්පිටිය)
ඇහැලියගොඩ මින්නාන ප්‍රදේශයේ නිවසක් බිඳ එහි තිබූ ඔප්පුවක් සොරකම් කර ගෙන ගොස් ඔහුගේ ගෙවත්තේ වළලා තිබූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇහැලියගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.
රාත්‍රී කාලයේ මෙම නිවසේ නිවැසියන් නොසිටි අතරේ පිටුපස දොර කඩා ඇතුළුවී එහි තිබූ ක්‍රෙඩිට් කාඞ් පතක් සහ ඔප්පුව සොරාගෙන එම ඔප්පුව ඔහුගේ ගෙවත්තේ වළලා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.
සැකකරු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ජී.ඩබ්ලිව්.එල්. ලාල් රවීන්ද්‍ර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක කේ.එස්.ආර්. විජයසිරි පොලිස් කොස්තාපල් සංජය (79808) යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd