(තිහගොඩ උපසේන ලියනගම)
මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට පසුගියදා වයස අවුරුදු එකොළහක පමණ වූ දරුවකු ඇතුළු කළේ ඩෙංගු රක්තපාතය වැළඳීමේ හේතුවෙනි. දැඩි රෝගී තත්ත්වයෙන් පසුවූ දරුවා සිටියේ සිහිසුන්වය.
දින තුනක ප්‍රතිකාරවලින් දරුවා කෙමෙන් සුවය ලැබීම වෛද්‍යවරුන්ගේ සතුටට හේතුවිය. ඇස් ඇර වටපිට බැලූ ඔහුගෙන් වෛද්‍යවරු හා හෙදියෝ එක්ව තොරතුරු විමසූහ.
මොහොතකින් එතැනට දිව ආ මවට බලවත් සතුටක් ඇතිවිය. ඇය වහා ආපසු දිවගියේ දරුවාට කෑම හෝ බීම ගෙන ඒමට යැයි සිතූ හෙදියන් දැනට කෑම දෙන්න එපා බීම පොඞ්ඩක් නම් දුන්නට කමක් නෑ කීවාය.
එළියට දිවගිය මව ආපසු ආවේ කෑම හෝ බීම රැගෙන නොව ශිෂ්‍යත්ව විභාග සඳහා වූ පුවත්පතක් ඇතැතිවය. පුතේ මේක බලන්න. ඇය කී විට අවට සිටි වෛද්‍යවරයාට හා හෙදියට දෙවියන් සිහිවුණා ලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුගත් අම්මල ඇති බහුතරය තමන්ට බැරි වුණ දේවල් දරුවන්ගෙන් ලබාගන්න උත්සහ කරනවා එහෙම කරලා ළමයම විනාසම කරලා දානවා දරුවෙක් විභාග පස් කරන්න මේ අම්මලට කිසිම දැනුමක් අවබෝදයක් හෝ අත්දැකීමක් නැහැ එය ගුරුවරුන්ට බාරදී පැත්තකට වෙලා නොයිද මුළු අන්ගතයම විනාශ කරනවා මේ නිසි ශිෂත්වය ඉවත් කළ යුතු බොහෝවිට මෙවැනි දේ කරන ය කවුරුහරි කරන්නම් වලේ මේවා කරන්නේ