(වියලුව වාර්තාකර)
මතින් මුදවා ගැනීම සඳහා තම බිරිඳ යෙදූ උප්පරවැට්ටියකට හසු නොවී ඊට තවත් උප්පරවැට්ටියකින්ම පිළිතුරු දුන් සැමියකු පිළිබඳ කතාවකි.

සිද්ධිය මෙසේය
එය ගම්බද ප්‍රදේශයකි. දැඩි සේ මතට ඇබ්බැහි වූ හෙතෙම තම ආදායමෙන් වැඩි කොටසක් මත්පැන් සඳහා වැය කිරීමට පුරුදු වී සිටියේ බිරිය ඇතුළු දරුවන්ගේ අඩුපාඩු දෙවැනි කොට සලකමිනි.
උදේ සවස මත්පැනට ඇබ්බැහි වී සිටින සැමියා ඉන් මුදවා ගැනීම සඳහා බිරිඳ විවිධ උපාය කීපයක්ම ක්‍රියාවට නැංවූ මූත් ඉන් ඵලක් නොවීය. අවසානයේදී ඇය සිය සැමියා නිවසේ නවතා ගැනීම සඳහා අපූරු උපායක් ක්‍රියාත්මක කළේ අසල්වැසි කාන්තාවක දුන් උපදෙසක් අකුරටම ක්‍රියාත්මක කරමිණි.
සැමියාට නිවසින් පිට යෑමට නොහැකි වන පරිදි ඔහුගේ සියලු ඇඳුම් එකතු කළ ඇය ඒවා සබන් කුඩු යෙදූ භාජනයක පෙඟෙන්නට දැමුවේ ‘‘දැන් ඉතින් පලයංකො’’ යැයි තමාටම කියා ගනිමිනි.
සුපුරුදු පරිදි හෙතෙම ගමේ මත්පැන් තිත්පොළට යෑමට ඇඳුමක් සොයා බැලුවද සියලු ඇඳුම් සබන් කුඩු යොදා පෙන්නට දමා තිබෙණු දුටු ඔහු දස අතේ කල්පනා කරන්නට වූයේ නිවසින් පිටව යන්නේ කෙසේ දැයි තමාගෙන්ම ප්‍රශ්න කරමිණි.
මද වේලාවක් කල්පනාවේ නිමග්නව සිටි ඔහුට ආවේ කදිම අදහසකි. සිය බිරිය බලා සිටියදීම ඇය නිවසට අඳින කොට කලිසමක් සොයා ගත් ඔහු එය ඇඟලාගෙන කිසිවක් නොවූ පරිද්දෙන් ගමේ කසිප්පු තිප්පොළ වෙත පියමං කළේ මාව තම්බන්න උඹට නං හම්බ වෙන්නේ නැතැයි බිරියට නෝක්කාඩුවක්ද කියමිනි.
මේ මිනිහා නම් කීයටවත් හදන්න පුලුවන් එකෙක් නෙවෙයි යනුවෙන් ඇය තමාට උපදේශය ලබා දුන් කාන්තාව සමග කියා සිටියේ තම සැමියා උදෑසන නිවසින් පිටව ගිය ආකාරය ඇයට විස්තර කරමිනි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
243
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උගුලෙ වැටුණ වාහෙට ගෑනිගෙ කලිසම් කොටේ පිහිට වෙලා