(තිහගොඩ උපසේන ලියනගම)
රෝගියාගේ පින වෛද්‍යවරයාගේ පවක් බවට පත්වීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ මාතර මහ රෝහලෙනි.
මේ රෝහලට ප්‍රතිකාර ගැනීමට ආ කාන්තාවක් කියා සිටියේ තම උගුරේ කැසීමක් හා වේදනාවක් නිසා දින කීපයක්ම ආහාර ගැනීමට නොහැකිව මහා දුකක් විඳි බවකි.
රෝගියාගේ උගුර පරීක්ෂා කළ කාරුණික වෛද්‍යවරයා බය වෙන්න එපා අම්මේ මම හේතුව සොයා ගත්තා කියමින් උගුරට අඩු කීපයක් දමා ප්‍රතිකාර කළෙන් ඇයට මහා සුවයක් දැණිනි.
ඔබතුමාට තිස් තුන් කෝටියක් දෙවි සරණයි. මේක මහා පිනක් යැයි කීවේ දොහොත් හිස මුදුනේ තබා ගෙනය.
මේක පිනක් වෙන්නෙ කොහොමද අම්මේ. උගුරේ හිටියේ කිනිතුල්ලෙක්. මම අඩුවලින් අල්ලල ඌ මරල දැම්මා කීවෙන් රෝගී කාන්තාවට දෙවියන් සිහිවුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd