එම ආයතනට තට්ටු පහකින් යුක්ත වූ අතර එහි විදුලි සොපානයක් සවිකර තිබිණි. එය ඉතා පැරණි විදුලි සෝපානයකි. බොහෝ දුරට එහි රැුගෙන ගියේ බඩු බාහිරාදියය. තරුණ නිලධාරින් එහි ගමන් කිරීමට බියක් නොදැක්වුවත් කාන්තාවෝ එහි යෑමට බියක් දැක් වූහ.
මෙම ආයතනයේ සේවය කරන තරුණ ආරක්‍ෂක නිලධාරියෙකි. ඔහුගේ විනෝදාංශය වූයේ ආයතනයේ නිවාඩු දිනවල එහි සේවය කරන ආරක්‍ෂක නිලධාරින් සෝපානය තුළ සිර කිරීමය. ඔහු එය කළේ ආරක්‍ෂක නිලධාරියෙක් විදුලි සෝපානයට නැගුණු විට විදුලිය විසන්ධි කිරීමෙනි.
එය පැරණි විදුලි සෝපානයක් නිසා විදුලිය විසන්ධි කළ විට එහි දොර වැසී විදුලි පහන් ද නිවී යයි. ඇතුළේ සිටින අයහට හුස්ම ගැනීමට පවා අපහසු වේ.
දිනක් ආයතනයේ සේවයට පැමිණි නවක ආරක්‍ෂක නිලධාරියකු සෝපානය තුළ සිටින විට පෙරකී ආරක්‍ෂක නිලධාරියා විදුලි සෝපානය ක‍්‍රියා විරහිත කළෙන් ඇතුළේ සිටි ආරක්‍ෂක නිලධාරියා බියෙන් කෑ ගසන්නට විය. විනාඩි දෙකකින් විදුලි සෝපානය විවෘත විය. කවටකම කළ ආරක්‍ෂක නිලධාරියා පැවසුවේ විදුලිය විසන්ධි වී නැවත පැමිණි බවකි. නවක ආරක්‍ෂක නිලධාරියා කෙසේ හෝ සිදුවීම දැනගෙන කවටකම කළ ආරක්‍ෂක නිලධාරියා විදුලි සෝපානයට ගොඩ වූ වේලාවක් බලා එය ක‍්‍රියා විරහිත කළේය. විනාඩි පහකින් සෝපානය විවෘත කළ විට දැක ගන්නට ලැබුණේ ආරක්‍ෂක නිලධාරියා සිහිසුන්ව වැටී සිටින අයුරුය. සිහිගැන් වූ පසු කිසිම දවසක එවැනි විහිළුවක් කිසිම අයෙකුට කිරීමට පෙරකී ආරක්‍ෂක නිලධාරියා පෙළඹුණේ නැත. මෙය කොළඹින් වාර්තා විය.
COMMENTS
වඳුරන්ට දැලිපිහි ලැබිලා වගෙයිනේ! (නි)
ඇත්තටම මමත් විදේශ රටකදී සෝපානයක සිරවෙලා තියෙනවා මේවා විහිළු නොවේ . එහෙම දෙයකට මුහුණ දුන්කෙනා දන්නවා එහි තිබෙන භයානකකම.(හේ)
රන්ජන්ගේ කතාව නම් මම පිළිගන්නවා (නි)
විනාඩි පහකට පසුව විවෘත කරපු නිසා ඔතනින් ගියා විහිලුව විනෝදය තිබිය යුතුයි ්ත් මෙවැනි ක්‍රියාකාරකම් තුළින් නොවේ (බ)
ගයන්, මේ වගේම කබල් ලිෆ්ට් එකක් ඉස්සර තේ පාලන දෙපාර්තමේන්තුවේ තිබුනා. මට මතක හැටියට යුනියන් ප්ලේස් හෝ ඩාලි පාරේ තමා ඒ කාර්යාලය තිබුනේ. ලිෆ්ට් එකේ ඉස්සරහා දොරට තිබුනේ කම්බි වලින් සැදූ අකුළන දොරක්. දැල් දොර වැහුවට එළියේ තියන දේවල් පේනවා. ලිෆ්ට් එකේ යන්න බය අයට යන්න තිබුන ලෑලි පඩිපෙළ ඊට හපන්. අයිල කරත්තයක්. (බ)
අපේ පුතාගේ කතන්දර පොත්වලත් ඔය වගේ කතා තියනවා. (බ)
ගයාන් යන්න බොරැල්ලේ තියෙන රජයේ මුද්‍රණාලයට අන්න ඒකෙ තියෙනවා ඇන්ටික් ලිෆ්ට් එකක් ඕන තරම් වෙලා ගිහින් බලා ඉන්න (බ)
ඉස්සර කොටුව චාර්ගිල්ස් එකේ දැල් දොර තියන ලිෆ්ට් තිබුන. ඉස්පිරිතාලේ පරණ ගොඩනැගිලි වල එවැනි ලිෆ්ට් තම තියනවා. මර්චන්ට් වර්ඩ් එකේ දැවයෙන් හදපු අතින් ක්‍රියාකරන ලිෆ්ට් එකක් තියනවා. (බ)
පැරණි විදුලි සෝපාන වල දැල් වැනි දොරවල් තිබුන නිසා හුස්ම ගැනීමට අපහසු විය නොහැක. එම හේතුව නිසා සිහිසුන් විය නොහැක. (බ)
මිනිස්සුන්ගේ ජිවතත් එක්ක සෙල්ලම් කරන්න එපා (දී)
මෙයාලට නම් පිස්සු ට්‍රිබල් , නැත්නම් ලිෆ්ට් එකෙක් සෙල්ලම් කර කර ඉදීද ? (අ)
පොඩ්ඩක් කියන්න පුලුවන්ද මේ වගේ පරණ ලිෆ්ට් එකක් කොළඹ කොහෙද තියෙන්නේ කියල. එත්තටම බලන්න ඇසි. ඒවගේම ඕක දන්නවනම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කරන්න කියයි, පාවිච්චියට නොගෙන. (බ)