IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ආයතනයේ හිමිකරුට දුරකතනයෙන් ‘අයි ලව් යූ’ කියා කියලා

එම ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් විය. ඔහු රළු පෙනුමක් ඇති තලතුනා පුද්ගලයෙකි. ඔහු තම රාජකාරිය දේව කාරියක් සේ සැලකූ අතර හෙතෙම රාජකාරියට පැමිණෙන විටදී සුළු සේවකයන් පවා ඇස ගැසීමට නොසිටියේ කුමක් හෝ වරදක් පෙන්වා දොස් නගන හෙයිනි.

එදින කාර්යාලයේ විශේෂ දිනයක් විය. පිළිගැනීමේ නිලධාරිනියට ද වැඩ වැඩියෙන් පැවරුණු දිනයකි. එහෙත් ආදරයෙන් මුසපත්ව සිටි ඇය රාජකාරිය පසෙකලා තම අනංගයා සමග ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් පසු වූවාය.

මේ අතර රාජකාරි දුරකතනය නාදවිය. ඇමතුම පෙර කී විධායක නිලධාරියාගෙනි. පෙම්බස් දොඩමින් සිටි නිලධාරිනිය ද පෙම්වතාට සමු දී, ”අයි ලව් යූ” යනුවෙන් පැවසුවාය.

එවිට නාද වූ රාජකාරී දුරකනය ද තම අතෙහි විය. එය අසා සිටි නිලධාරියා දැඩිසේ කෝපාවිෂ්ට වී, ”අයි ලව් යූ කියන්න ගෙදර මට කෙනෙක් ඉන්නව. මම ඔහේට දුන්නු වැඬේ කළාද? යයි විමසීය. එවිට ඇයට දවල් තරු පෙනිණි. ඇයට පැවරී තිබුණේ එදින පැමිණෙන අමුත්තන්ගේ සංග‍්‍රහ කටයුතු සංවිධානය කිරීමය. විධායක නිලධාරියාගේ ඇමතුමෙන් පසු ඇයට තරු පෙනුණි.

කොළඹ නගරයේදී මේ කතාව අසන්නට ලැබිණි.



අදහස් (0)

ආයතනයේ හිමිකරුට දුරකතනයෙන් ‘අයි ලව් යූ’ කියා කියලා

මැටිල්ඩා Saturday, 29 March 2014 09:04 AM

අනේ මෙහෙමත් වැඩ? (නි)

:       0       0

නාරද Thursday, 27 March 2014 01:22 PM

අපරාදේ අපිටනේ කියන්න තිබුනේ.(නදී)

:       0       0

හාන්සි Sunday, 30 March 2014 04:16 PM

ඔයාව බාරගන්න ඉන්නේ යමපල්ලෝ තමයි චන්දි. නාකි විසේ ගෙටත් උසේ කියන්නේ ඕවට තමයි (නි)

:       0       0

ගුණවර්ධන Friday, 28 March 2014 05:33 PM

අයියෝ! ඉන්දික, මොනවද මේ මනෝජ් කියන්නේ? (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 02 April 2014 10:56 AM

අනේ පව් ඉතින් ඉතින් (හොර චන්දි)අපි රැවටෙයි ඔය විකාර වලට.චන්දි අක්කාට මානසික ලෙඩක් නැහැ, ඔය එයාගේ නමින් ලියන කෙනාට වගේ. (නි)

:       0       0

චන්දි Sunday, 30 March 2014 11:12 AM

අපිව බාර ගන්න තමයි කවුරුත් නැත්තේ (නි)

:       0       0

ශාන්ති Friday, 28 March 2014 03:59 AM

නියම උපමාව සයුරි. එච්චැර දරුණු හිතක් තිබෙන ඒ මහත්තයා ඒ වගේ වචනයකින්වත් පොඩ්ඩක් හරි සතුටක් ලබන්න ඇතිනේ (නි)

:       0       0

රොහාන් Thursday, 27 March 2014 04:04 PM

එතකොට ඔයා "අයි ලව් යූ " කිව්වේ කාටද ? චන්දි (ස)

:       0       0

සමන්ති Friday, 28 March 2014 05:52 AM

"අයි ලවූ යු " කියන එකේ තේරුම් ගොඩක් තියෙනවා කියන අයුරින් තේරුම වෙනස්විය හැක .(දුවෙකුට තාත්තාට "අයි ලවූ යු" කියා කිවහැක ) කියන්නේ කෙසේදැයි තෝරාගත යුතුයි .(දී)

:       0       0

ශාන්ති Friday, 28 March 2014 08:04 PM

මනෝජ් මහත්තයට ඕනෑ නම් මම එහෙම කියන්නම්. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 28 March 2014 08:45 PM

" අයි ලව් යු " මනෝජ් හිතේ දුක යන්න ඔන්න පෝලිමක්ම ඉන්නවා නේද ශාන්ති.(නදී)

:       0       0

චන්දි Tuesday, 01 April 2014 11:37 PM

මම ආව මගේ අලුත උපන් මිනිබිරිය බලන්න තොල කට මන් වගේමයි .දරුවාගේ අනාගතයට කියල මම ලක්ෂ 10 ක් බැංකු පොතට දැම්ම .මිත්තනිය විදිහට මම හරි සතුටින් ඉන්නේ අලුත් නිවසකුත් මිලදී ගන්නවා .දරුවාගේ වාසනාව (දී)

:       0       0

කුමාරි Thursday, 27 March 2014 07:14 PM

රොහාන් , අපි එක එක්කෙනාට ආදරේ කරන ආකාරය විවිධාකාරයිනේ. ඉතින් චන්දිට මාමන්ඩිටත් කැමති දෙයක් කියන්න හැකිනේ.අනික චන්දි කාටද එහෙම කිවුවේ කියලා ඇයි මේ ඔයා බය වෙලා? (නි)

:       0       0

චන්දි Tuesday, 01 April 2014 03:38 PM

මම ලංකාවේ හිටියත්. මගේ නමින් අදහස් පළවෙන නිසා මගේ යාලුවන්ට මාව අමතක වෙන එකක් නැහැ නේද..?ලියන කෙනා කවුරු වුණත් මම ස්තූති කරනවා. (ස)

:       0       0

මනෝජ් Saturday, 29 March 2014 02:14 PM

ශාන්ති , නිලූ දෙන්නා ගැන සලකල බලන්නම් .ඉන්දික අයි ලව් යූ කීවට බාර ගන්න බැ. (දී)

:       0       0

නසාර් Tuesday, 01 April 2014 04:32 PM

පැවරූ වැඩේ හරියට කරන එක වැරදි ද? පිළිගැනීමේදී අයි ලව් යු නොකියා මොනවද කියන්නේ ... (ස)

:       0       0

ශාන්ති Saturday, 29 March 2014 01:28 AM

ඔන්න මනෝජ් දැන් සතුටුද? ඔය නිලුත් කියලා තියෙන්නේ. (නි)

:       0       0

සයුරි Thursday, 27 March 2014 09:00 PM

මැණික් ගලේ පය හැපුනට - කණා ඇහිදලා ගනීද? (නි)

:       0       0

මනෝජ් Friday, 28 March 2014 03:06 PM

මටත් කවුරු හරි එහෙම කියන්නකෝ. (ස)

:       0       0

චන්දි Thursday, 27 March 2014 12:15 PM

මෙම සිදුවීම මගේ යහලුවෙකුට වුණ සිදුවීමක්. මටත් ඔය වගේ දෙයක් වුණා. අනිත් කෙලවරේ සිටියේ අපේ මහත්තයාගේ තාත්තා, මගේ මාමණ්ඩි. නමුත් ප්‍රශ්ණයක් වුනේ නැහැ. මොකද එයා ඉංග්‍රීසි දන්නේ නැහැ .එයා කිවුවා ඒකට කමක් නැහැ පුතේ කියලා. (ස)

:       0       0

ඉන්දික Friday, 28 March 2014 04:40 PM

"අයි ලව් යු" මනෝජ්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site