ආච්චිගේ මරණ සහතිකයද රැගෙන සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත්වූ තරුණයකු පිළිබඳව සියනෑවේ නගරයකින් වාර්තාවේ. පෞද්ගලික ආයතනයක රැකියාවකට ඉල්ලූම් පත් කැඳවා තිබිණි. තරුණ තරුණියෝ විශාල පිරිසක් ඒ සඳහා ඉදිරිපත්ව සිටියහ. පසුගියදා මේ අතරින් තෝරාගත් පිරිසක් සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමට ආයතනයේ පාලනාධිකාරිය පියවර ගත්තේය. ඒ අනුව පැවැති සම්මුඛ පරීක්ෂණයට කැඳවූ පිරිස කැඳවා සුදුසුකම් පරීක්ෂාවට ලක් කෙරුණේ ආයතන ප‍්‍රධානියා ඇතුලූ තිදෙනකුගෙන් යුත් මණ්ඩලයන් විසිනි. කඩවසම් තරුණයකු සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්විය. ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලට සාර්ථක පිළිතුරු ලැබිණි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයද සෑහීමට පත්ව සිටියේය. අවසානයේ ඔහුගේ සහතික පත් ගොන්න පරීක්ෂා කෙරිණි. එය පිරික්සමින් සිටි ආයතන ප‍්‍රධානියාගේ ඇස් උඩ ගියේය. ”ඇයි මේ මරණ සහතිකයක් අරගන ආවේ” ඔහු විමසීය. ”සර්. මගේ ආච්චි මැරිලා ගොඩක් කල් ඒ හින්දා ආයේ මට ආච්චිගේ මරණෙට නිවාඩු ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසයි ආච්චිගේ මරණ සහතිකය අරගෙන ආවේ.” ආච්චි මලා කියමින් නිවාඩු ගන්න රටක් නේ මේක” තරුණයා පිළිතුරු දුන්නේය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට කථිකා කළහ. තරුණයාට පත්වීම් ලිපිය එවේලේම ලැබිණි. පසුදා සිට සේවයට වාර්තා කරන ලෙසට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආච්චිගේ මරණ සහතිකය අරන් මුනුබුරා සම්මුඛ පරීක්ෂණයට ඇවිත්
ජයී Wednesday, 26 October 2011 02:38 PM
ඉදිරි කාලයේදී මරණ සහතික දෙන කාර්යාල ඉදිරියේ දිග පෝලිම් දකින්න ලැබේවි.