(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ ලිප ගිනි මෙළවීමේ නැකත යෙදී තිබූ පසුගිය 14 වැනිදා හිමිදිරි පාන්දර නියමිත වෙලාවට අවදිවීමට නොහැකි වීමෙන් යුවළකට මුහුණදීමට සිදුවූ අපුරු සිද්ධියක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධියට මුහුණ දුන් අඹුසැමි යුවළ නැකතට ආහාර පිසීමට සියලූ කටයුතු සුදානම් කර මධ්‍යම රාත්රියද පසුවී නින්දට ගොස් තිබේ. පසුදින රතිඤ්ඤා හඬට අවදිවී බලන විට නැකත උදාවී ඇති බව දැනීමෙන් ස්වාමි පුරුෂයා කලබලවී තිබේ.
ඇඳෙන් පැනගත් සැමියා වහා දිව ගොස් ගෑස් ලිපේ ගිනි දල්වා තිබේ. ගිනි දැල්වුවද එහි කිරි හෝ හාල් මුට්ටියක් නොවීය. එම යුවළ තමන්ට සිදුවූ අකරතැබ්බ සැඟවීමට උත්සහ කළද බිරිඳගේ මව පැමිධෑමෙන් සිද්ධිය හෙළිදරව් වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින්?
මේ පිළිබඳව දැනුවත් කිරීම ගැන ස්තුතියි.!!!