පිට පළාතකින් පැමිණි තරුණයකුට ආරක්‍ෂක නිලධාරියකු වශයෙන් පත්වීමක් ලැබුණි. කිසිදා ආරක්‍ෂක රාජකාරි කර නොමැති ඔහුට මෙය අලුත් අත්දැකීමක් විය. බඳවාගැනීමේ නිලධාරියා තරුණයා අමතා, “පුතා, හොඳට වැඩකළොත් ඉහළට යන්න පුළුවන්” යැයි පැවැසුවේ කිරි තේ එකකින්ද සංග්‍රහ කරමිනි. “අනෙක පුතා අපි ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. කපනවා. කෑම ළඟටම ගෙනත් දෙනවා. මේ යුනිෆෝම් එක ඇන්දම බලන්නකෝ ඔයාගේ ලස්සන.” යැයි පැවසුවේ බටර් ද ගාමිනි. ආරක්‍ෂක නිලධාරී තනතුරට දැන් පැමිණෙන්නේ විශ්‍රාමිකයන් වීම එයට හේතුවය.
සංචාරක නිලධාරියා පැමිණ තරුණයාද කැටිව ගියේ සිංහල අවුරුද්දට නිවාඩු යෑමට බලා සිටින ආරක්‍ෂක නිලධාරියකු මුදා හැරීමටය. “මේ අයි.බී. එකේ (තොරතුරු ලේඛනයේ) සිද්ධ වෙන හැම දෙයක්ම ලියන්න ඕනේ”යි පවසා සංචාරක නිලධාරියා පිටවිය. හරිබරි ගැසී පුටුවේ වාඩි වූ ආරක්‍ෂක නිලධාරියා සෑම සිදුවීමක්ම ලියන්නට විය. සවස පැමිණි සංචාරක නිලධාරියාට තරු පෙනුණේ තොරතුරු ලේඛනය පරීක්‍ෂා කළ විටය. 09.00 සුදු මහතා අතවනා වාහනයෙන් පිටව ගියා, 10.10 සුදු මහතා ආපසු පැමිණ ඉංග්‍රීසියෙන් මොනවාදෝ කීවා. මට තේරුණේ නැත, 10.30 සුදු මහතා “කම් කම්” කියා මට අත වැනුවා. මම ගියාම ඇපල් ගෙඩියක් දුන්නා, 16.00 සුදු මහතා නාන තටාකයට බැහැලා යට ඇඳුම පිටින් පීනුවා, 16.30 සුදු මහතා නාන කාමරටය ගියා. එයා නෑවේ ඇඳුම් නැතිව.
“ඊයා ලැජ්ජාවේ බැහැ. මොනාද මේ ලියලා තියෙන්නේ” සංචාරක නිලධාරියා විමසීය.
“සර්නේ මට හැම දෙයක්ම ලියන්න කීවේ” ආරක්‍ෂක නිලධාරියා පැවැසීය.
සංචාරක නිලධාරියා ප්‍රවේශමෙන් එම සටහන් අඩංගු පිටු ඉවත්කර වෙනත් ආරක්‍ෂක නිලධාරියකු එතැනට යෙදවීය.
ක්‍රිස්ටෝපර් සීපියන්
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලුත් ආරක්ෂක නිලධාරිගේ සටහනට සංචාරක නිලධාරියාට තරු පෙනිලා