(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ පොලිස් ස්ථානයක කාන්තා හා ළමා කාර්යාංශයට පසුගියදා සිය තරුණ දියණිය සමඟ පැමිණි මවක් විමර්ශන නිලධාරියාට පැවසුවේ පාසල් යන සිය දියණිය තරුණයකු සමඟ නොමනා සබඳතාවක් පවත්වමින් ඉගෙනීම කඩාකප්පල් කර ගැනීමට යන බවය.

මේ සබඳතාව ගැනත් එය වැළැක්වීමට තමා ගත් උත්සාහය ගැනත් මව දීර්ඝ වශයෙන් කියන විට දියණිය ඉඳහිට විරෝධය පාමින් වචන දෙක තුන කීවේ පසුපස බිත්තියට එක් පසක් තබාගෙන තනි පයින් හිටගෙනය.
මෙය දුටු විමර්ශන නිලධාරියා ඒ පිළිබඳව ඇයට තරවටු කළ විට මව කියන හැම දේටම ඇය සිනාසෙමින් සිටියේ හිතුවක්කාර ලෙසටය.
“මමයි මහත්තයි මෙයා හැදුවෙ ඇහැක් වගේ. මේ සම්බන්ධෙ නවත්තන්න අපි දෙන්නම නිතර කිව්වා.” මව කියන විට ඇය හයියෙන් සිනාසුණාය.
“ඇයි හිනාවෙන්නෙ” මෙවර විමර්ශන නිලධාරියා ඇසුවේ කෝපයෙනි.
“නෑ සර් අම්මයි තාත්තයි කසාද බැඳල තියෙන්නෙත් මං වගේම ඉස්කෝලෙ යන කාලෙ පැනල ගිහිල්ලා. ඇය කීමෙන් මවට දෙවියන් සිහි විය. විමර්ශන නිලධාරියා ද මව දෙස බලා “එහෙමද?” කීවේ බැරෑරුම් ගතියක් මුහුණට ආරූඨ කර ගනිමින්ලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd