IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


අපලයට බෙදූ බත් පාර්සල් එක්ක ලක්ෂයකුත් පුදලා

(උණවටුන - ඞී.ජී. සුගතපාල)
විවිධ අපල වෙනුවෙන් සහන ලබා ගැනීමට ජ්‍යෙතිෂවේදීන්ගේ උපදෙස් පරිදි දුගී මගී යාචකයන්ට ආහාර පාන ලබාදීම බොහෝ දෙනාගේ සිරිතකි.


එසේ අපල දුරුකර ගැනීමට උපදෙස් ලැබූ මවක් බත් පාර්සල් කිහිපයක් රැුගෙන තම දියණිය ද සමග ගාල්ල නගරයට පැමිණියේ ඒවා බෙදා දීමටය.


ඒවා බෙදා දීමට පෙර ඇය පොලිසිය ඉදිරිපිට බැංකුවට ගොස් රුපියල් ලක්‍ෂයක් ගත්තේ හදිසි අවශ්‍යතාවකටය. එම රුපියල් ලක්‍ෂයම කලබලයට කෑම පාර්සල් තිබූ බෑග් එකටම දමා ගත් ඇය දියණිය සමග කෑම පාර්සල් බෙදා දීමට පටන් ගත්තාය.


නගරය පුරා ඇවිද සුදුසු අයට කෑම පාර්සල් බෙදා දුන් මව සහ දියණිය අවසාන වශයෙන් පැමිණියේ පොලිසිය ඉදිරිපිටටය. පොලිසිය ඉදිරිපිට තාප්පය අයිනේ සිටි පුද්ගලයකුට ඉතිරිවී තිබූ කෑම පාර්සලය බෑග් එක පිටින්ම ඇය දුන්නාය.


නෝනට පිංසිද්ද වෙන්න  ඕනෑ. බුදු බව ලැබේවා. කියමින් ඔහු දෝතින්ම කෑම පාර්සලය සහිත බෑග් එක ගත්තේය. මවගේ සහ දියණියගේ සිත් සතුටින් පිරි ගියහ. මෙතෙක් තිබූ සියලූ අපල දුරුවූවාසේ ඔවුනට හැඟින.


ඔවුන් එම ස්ථානයෙන් පිටවූයේ හදපිරි සතුටිනි. එහෙත් ටික දුරක් ගියවිට රුපියල් ලක්‍ෂයද කෑම පාර්සල් තිබූ බෑගයේම දමා ගත් බව ඇයට සිහිවිය. අපලය දුරුවූවා නොව එය දෙගුණ තෙගුණ වූ බව ඇයට හැඟිණ. වහාම ආපසු පැමිණ බැලූවත් එම ස්ථානයේ ඔහු දක්නට නොවීය. පසුව ඇය දියණිය සමග පොලිසියට පැමිණ හැඬූ කඳුළින් සිද්ධිය පැවසුවාය.


එහෙත් ඇය කෑම පාර්සලය දුන් පුද්ගලයා සොයා ගැනීමට නොහැකිවිය. කෙසේ වෙතත් එම පුද්ගලයාගේ අපලය නම් දූරුවූ බව බලා අසාසිටි අය පැවසූහ.



අදහස් (0)

අපලයට බෙදූ බත් පාර්සල් එක්ක ලක්ෂයකුත් පුදලා

ප්‍රකාශ් Friday, 06 February 2015 07:06 PM

ඔබට මතක ඇති ජනාදිපතිවරනයට ජෝතිශ්‍යවේදින් කියපු එ්වා ඔබ තව තවත් එය විශ්වාස කරනවද ? එකම පුද්ගලයෙක් ගැන එකම හඳහනක් කි දෙනෙක් කි ආකාරයකට කිව්වද? එ් නිසා අපිට තවත් මේ අය ගැන විස්වාස කරන්න පුලුවන්ද? (නදී)

:       0       0

මානෙල් Wednesday, 04 February 2015 11:36 AM

තවමත් මෝඩ මිනිස්සු ඉන්නවා ජ්‍යෙතිෂවේදීන්ගේ උපදෙස් ගන්න අය දන්න ජ්‍යෙතිෂයක් තියෙනවද කපටිකම මිසක.(හේ)

:       0       0

හිරුණි Wednesday, 04 February 2015 03:50 AM

මාර වැඩක් නේද වෙලා තියෙන්නේ?(හේ)

:       0       0

ප්‍රභාත් Wednesday, 11 February 2015 07:30 AM

අපලය පලදිලා වාගේ.(හේ)

:       0       0

රුවන් Wednesday, 04 February 2015 07:17 AM

මේකට කියන්නේ නොසැලකිලිමත් බවයි. මේ නෝනට නම් ලක්ෂය ලොකු ගානක් වෙන්න පුළුවන්. නමුත් හිඟන මනුස්සයට නම් මේක සුලුගානක්[හිඟන මනුස්සයකුගේ දවසේ ආදායම රුපියල් 10000 කට වැඩියි (නදී)

:       0       0

මනෝජ් Thursday, 05 February 2015 06:01 AM

මේවා නම් මොනවද ජ්‍යෙතිෂවේදීන්ගේ උපදෙස් නිසා මහින්ද මහත්තයට වු දේ එක්ක බලද්දී. (දිල්)

:       0       0

ශාන් Thursday, 05 February 2015 06:44 AM

මානෙල්, ඔබ 100% ක් ම හරි. ජ්‍යෙතිෂවේදීන්ගේ උපදෙස් නිසා අවරුදු 2ක් කලින් ගෙදර ගිය කෙනෙකුත් ඉන්නේ.(දිල්)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 05 February 2015 07:51 AM

මනෝජ් , එ් මහත්තයාට නම් නැති වුනේ ජනතාව දුන්න දේවල්නේ,මේක එහෙමද මේ මනුස්සයෝ දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්තු දෙයක්නේ.(හේ)

:       0       0

ලංකා Thursday, 05 February 2015 10:27 AM

බුදු බණෙහි සිත පිහිටුවා ගන්න. ජෝතිෂ්‍ය බැහැර කරන්න. ඔබට සදා සහනයක්ම ලැබේවි. (හේ)

:       0       0

දුමින්ද Thursday, 05 February 2015 10:38 AM

ඒ පිනම ඇති එලොවට.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site