IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අනියම් සැමියා පෙම්වතියගේ කොණ්ඩයෙන් පලි අරන් පොලිස් කූඩුවේ

(උණවටුන – ඩී.ජී. සුගතපාල)
ඇය 35 හැවිරිදි දෙදරු මවකි. පදිංචිය ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර ගමකය. ඇය තරුණ වියේදී එම ගමේ තරුණයකු සමග පෙමින් බැඳුනාය. මව්පියන්ගේ බලවත් විරෝධය නිසා ඇයට ඔහු තම සැමියා ලෙස තෝරා ගැනීමට නොහැකි වූවාය. එහෙත් දෙදෙනාගේ ආදරය නොනැසී පැවතිණි.


 මේ අතර මව්පියන්ගේ කැමැත්තට ඉඩදී ඇය වෙනත් තරුණයෙකු සමග දීග ගියාය. එහෙත් වසර දහයක් තිස්සේ පැරණි පෙම්වතා සමග අනියම් අඹුසැමියන් ලෙස ජීවත් වූවාය. ඇයගේ සැමියා ගමෙන් පිට රැකියාවක් කිරීම ඔවුනට මහත් අස්වැසිල්ලක්ද විය. මෙය පසු කලෙක ගමේ මිනිසුන්ටද රහසක් නොවීය.


මේ අතර පළමු පෙම්වතා වෙනත් කාන්තාවන් සොයා යන බව ඇයට ආරංචිවීමත් සමග ඔවුනගේ අනියම් ආදර මන්දිරය දෙදරන්නට විය. තමාට වෙනදා මෙන් ඔහුගෙන් සතුට නොලැබෙන බව ඇයට හැඟී ගියේය. මේ නිසා දෙදෙනා අතර වචන හුවමාරුවන්නටද විය. මේ අතර පසුගිය දිනෙක දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුවිය. 


එහිදී ඔහුගේ අතට හසුවූයේ මේසය මත තිබූ කතුරකි. එය අතට ගත් ඔහු වසර දහයකට අධික කාලයක් තමාගේ සියලු අවශ්‍යතා ඉටුකළ පළමු පෙම්වතිය වූ මේ වනවිට අනියම් බිරිඳ බවට පත්ව සිටින ඇයගේ දිගු කොණ්ඩය කපා දැම්මේය.


තමාගේ දිගු කොණ්ඩය අහිමිවීම ගැන ඇයට මහත් වේදනාවක් ඇතිවිය. ඇය වහාම පොලිසියට ගියාය.
පළමු පෙම්වතා වූ අනියම් සැමියා පොලිස් ජීප් රථයට ගොඩ  වූයේය. 

 



අදහස් (0)

අනියම් සැමියා පෙම්වතියගේ කොණ්ඩයෙන් පලි අරන් පොලිස් කූඩුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site