IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අනියම් පෙම්වතා නිවෙසට ගෙන්වා අතවර කළැයි බොරු කියලා

තම සැමියා නිවසේ  නොමැති විටෙක නිවසට ඇතුළු වූ අයෙකු විසින් ඇයට අතවර කරන ලදැයි පවසමින් එක්තරා ප‍්‍රදේශයක තැනැත්තියක් පොලිසියට පැමිණිලි කළාය.

ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය සැකකරු ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. සිද්ධිය පිළිබඳව රාජකාරි කටයුතු නිසිපරිදි ඉදිරියට යමින් තිබුණි.

 මෙම සිද්ධිය පිළිබඳව සැලවූ අතවරයට ලක්වූ බව කියන කාන්තාවගේ අතිජාත මිතුරියක ඇය හමුවීමට පැමිණ සිදුවූ කරදරය පිළිබඳව විමසුවාය. එම අවස්ථාවේ නිවසේ වෙනත් කිසිවෙකු හෝ නොසිටි බැවින් සිද්ධිය පිළිබඳව මිතුරියන් දෙදෙනා එක දිගට කතාව ඉදිරියට පවත්වාගෙන ගියහ.

”ඇත්තටම උඹට කරදර කරන්න හදපු නිසා ද නැත්තං කරදර කරපු නිසා ද  පොලිසියට පැමිණිලි කළේ’’. මිතුරිය එසේ විමසුවාය. මෙහිදී වටපිට බැලූ අතවරයට ලක්වූ බව කියන තරුණිය සිය මිතුරියගේ කනට කොඳුරා මෙසේ කීවේය.

”ඒ එකක්වත් නිසා නොවෙයි”

”ඈ... එහෙනං...” මිතුරිය විමතියෙන් ඇසුවාය.

”කාටවත් කියන්න එපා. ඒ එකක්වත් නිසා නොවෙයි අල්ලපු ගෙදර මිනිහ දැකපු නිසා”

තම අනියම් සම්බන්ධය හෙළවීම වළක්වා තමා නිර්දෝශී වීමට කරන ලද උප්පරවැට්ටියක් බව දැනගත් මිතුරියගේ ඇස් උඩ ගියේය.

 



අදහස් (0)

අනියම් පෙම්වතා නිවෙසට ගෙන්වා අතවර කළැයි බොරු කියලා

නාරගල Wednesday, 23 April 2014 08:30 PM

මේවා අතේ පැලවෙන බොරු කියලා වට පිටේ අය දන්නවා (දී)

:       0       0

ජේමිස් ‍ Tuesday, 22 April 2014 07:05 AM

මේ වගේ ගැහැනුන්ව උල තියන්න ඕනෑ මහත්තයෝ.අපේ කාලේ වෙන දේවල්ද දැන් මේ රටේ වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site