(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කාන්තාවන් නාන අයුරු බලා සිටීමට ගොස් අමාරු වේ වැටුණු පුද්ගලයකු පිළිබඳ නගරබද ගමකින් වාර්තා විය. සිද්ධිය මෙසේය. ඔහු අවිවාහක තරුණයෙකි.
සිය මිතුරා සමග කාන්තාවන් නාන දෙස හොරෙන් බලා සිට වින්දනයක් ලැබීම ඔහු පුරුද්දක් කරගෙන තිබේ. මෙම නාන ස්ථානය තාප්පයකින් වටකර ඇති අතර එහි මැද ඇති ළිඳෙහි තරුණියන් සවසට දිය නාන අතර ඔවුන් දෙදෙනා එම තාප්පයට පොල්පිත්තක් තබා මාරුවෙන් මාරුවට කාන්තාවන් දිය නාන අයුරු බලා සිටින බව කියති. සුපුරුදු පරිදි එදිනද හවස් වෙනතුරු බලා සිටි ඔවුන් හීන් අඩියක් ද ගසා සුපුරුදු ක්‍රියාවට සූදානම් වී තිබේ. සුපුරුදු ස්ථානයේ සඟවා තිබූ පොල්පිත්ත ද එළියට ගෙන තාප්පයට තබා නැරඹීම ආරම්භ කර ඇත.
මිතුරා දීර්ඝ කාලයක් ගත් නිසා අනෙක් මිතුරා නොසන්සුන්තාවට පත්ව ඇත්තේ ඔහුටත් ඉක්මනින් දිය නෑම නැරඹීමට අවශ්‍ය නිසාය. කෙසේ වෙතත් පසුපසින් ඇසුණු ශබ්දයකින් කලබල වූ මිතුරා පොල්පිත්ත අතහැර පිටුපස බලද්දී දැක ඇත්තේ තමන් අසලට බල්ලකු පැමිණ ඇති බවය. ඒ සමගම තාප්පය දෙස බලද්දී ඔහු දැක ඇත්තේ පාලනයෙන් ගිලිහුණු මිතුරා තාප්පයෙන් එහා පැත්තට ඇදී යන අයුරුය. වහා ක්‍රියාත්මක වූ ඔහු මිතුරා අල්ලා ගැනීමට පැමිධෑමේදී අසු වී ඇත්තේ මිතුරාගේ සැහැල්ලු කොට කලිසමය. කලිසම ඔහු අත ඉතිරි වෙද්දී මිතුරා යටිකය නිරුවතින් තරුණියන් අසලට වැටී තිබේ.
දුටු දර්ශනයෙන් අන්දුන්කුන්දුන් වී කෝප වූ තරුණියන් දිගට හරහට තම අත තිබූ යකඩ බාල්දිවලින් මිතුරාට පහර දී ඇත. පසුව හවස මිතුරා බැලීමට ගිය අනෙක් මිතුරා දැක ඇත්තේ මුළු ඇඟම වෙළුම් පටිවලින් ඔතා ඇති මිතුරාය. ‘මොකද වුණේ’ යැයි මිතුරා අසද්දී අනෙක් මිතුරා පවසා ඇත්තේ ‘අවුලක් නැහැ තව සති දෙකෙන් ටිකට් කපනවා කිව්වා එතකම් ඉවසපන්’ කියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාවේ විශ්වාස කරන්න අමාරු තැන් ගණනාවක් තියෙනවා. පොල් පිත්තක් උඩ නැඟලා තාප්පේ මෙහා පැත්තේ ඉඳන් බැලුවා නම් පොල් පිත්ත අසමාන වුනාම වැටෙන්නේ හිටපු පැත්තට. තාප්පෙන් එහාට නෙවෙයි. අනික එහෙම විසිවෙලා වැටුණාම කලිසමෙන් ඇද්දත් කලිසම ගැලවෙන්න බෑ, මොකද අඩුම තරමින් ඉලස්ටික්වත් දාලා තියෙන හින්දා. සරමක් කිව්වා නම් කමක් නෑ. ඒ වගේම අද කාලේ මෙහෙම වැඩක් වුනා නම් බාල්දි වලින් ගහලා නවතින්නේ නෑ. පොලීසියට බාර දෙනවා. ගමෙන් දෙදෙනාටම ගුටි දෙනවා.
කතාව ඇත්ත බොරු උනත් මේවගේ දේවල් ඉතා කලා තුරකින් තමයි එලි වෙන්නේ. ඇස් පිනවීමට ගොස් අපහාසයට ලක් වෙන්න එපා.
බොරු කථාවක් වගේ.
මේක සාමාන්‍යයෙන් ගඟ සහ දිය ඇළි අසල නාන අයටත් මුහුණ දෙන්න වෙන, එ්ත් නොදන්නා දෙයක්.. කොහොම වුනත් මේවගේ දේවල් වලට හේතුව තරුණයින්ට නිසි වයසේ විවාහයක් කරගන්න ජීවනෝපායන් නොමැති වීම සහ සමාජ හේතුමත තිබෙන රැකියා වලට නොයාම. මේවා සහමුලින්ම නතර කරන්න බැහැ. එ්ත් කාන්තාවන් නාන තැන්වලදී ආවරණයක් ඇති ස්ථානයක් හදා ගන්න එකයි කල යුතු වන්නේ... මේ බලන අයත්, නාන අයත් එකම පන්තියේ වීමයි ලොකුම දුක...