
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 558 දෙනෙකු සුවය ලබා අද (15) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 24,867 කි.
එසේවුවත්, තවදුරටත් ආසාදිතයෝ 8,457 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙති.
අද උදෑසන 10.00 වනවිට කොරෝනා බවට සැකසහිත රෝගීන් 709 දෙනෙකු රෝහල් ගතකර ඇත.
ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 33, 478 ක් වන අතර 154 දෙනෙකු මිය ගොසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd