IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ෆයිසර් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

 

සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි භාවිතය සඳහා ෆයිසර් සහ බයෝන්ටෙක් සමාගම්වල කොරෝනා  එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර තිබේ.

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉදිරිපත් කර ඇති සමාලෝචනයේ දැක්වෙන්නේ මෙම එන්නත, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සම්බන්දව තිබිය යුතු නිර්ණායක සපුරා ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඖෂධ වැඩසටහන් ප්‍රධානී මාරියන්ගෙලා සිමාවෝ පවසන්නේ කොවිඩ් මර්ධනයේ ගෝලීය ප්‍රවේශය සඳහා මෙය ධනාත්මක පියවරක් වනු ඇති බවයි.

කෙසේ වුවද මෙම එන්නත සෙල්සියස් අංශක සෘන 70ක තබාගැනීමේ අවශ්‍යතා වැනි සාධක බටහිර රටවලට ද අභියෝගයක් වී ඇති අතර ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාල බාධා ඇති කළ හැකි බව විචාරකයෝ පවසති.

එහෙත් මෙම එන්නත සඳහා ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව ඇතුළු ලෝකයේ රටවල් 12ක පමණ අනුමැතිය හිමිවී තිබේ.

මාත්‍රා දෙකකින් සමන්විත මෙම එන්නතේ දෙවන මාත්‍රාව දින 21ක් තුළ ලබාගත යුතු අතර කොරෝනා රෝගයෙන් 95%ක ආරක්ෂාවක් ලැබෙන බව සඳහන් වේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (5)

ෆයිසර් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

de silva Friday, 01 January 2021 09:25 AM

මුට්ටි ගඟේ දමන්නේ නැතිව මේවා කළින්ම ඕඩර් කළා නම් දැන් භාවිතයට ගන්න පුළුවන්.

:       0       0

සිරිබිරි Friday, 01 January 2021 09:26 AM

ඕක ගෙන්නන වැඩේ උදයංගට බාරදෙමු.

:       0       0

nuwan Friday, 01 January 2021 10:56 AM

ඔය කෝක අනුමත වුණත් අපේ සර් චීනෙන් ගෙනාවේ නැතිනම් මගේ කණ කපාගන්නවා...!!! 

:       0       0

Rata Perata Saturday, 02 January 2021 08:27 AM

මේවා අපිට දාලා වැඩක් නැහැ. අපිට WHO එකෙන් එන්නත් නිකම් ගන්න තිබුණා. ඒත් අපි අදීන ජාතියක් නේ. ඒක නිසා අපේ ඉස්සරවෙලා අපේම පැණි බිබී මේක වන කරගෙන ඊට පස්සේ චීනෙන් හරි, රුසියාවෙන් හරි සල්ලි දීලා ගන්නවා. අපි උතුම් ජාතියක් නිසා ණයට ගත්තට කමක් නැහැ. ඒත් නිකම් නම් ගන්නේ නැහැ.

:       0       0

Damith Sunday, 03 January 2021 02:54 AM

කාලි අම්මගෙ පැණිය ගැන WHO දැනුවත්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site