(සමන් පාලිත නානායක්කාර )

හල්දුම්මුල්ල, අමිලගම ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසක දෙදෙනකුට කොරෝනා අසාදනය වී ඇති  බව තහවුරුවීමෙන් පසු ඊට සහභාගීව සිටි තවත්  පිරිසක් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කර ඇතැයි හල්දුම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්සක අසංක සම්පත් මහතා පැවසීය.

මේ හේතුවෙන් අවමංගල්‍ය  නිවස  ආසන්නයේ  පිහිටා  ඇති  පාසලක  මව්පියන් කිහිප දෙනකුද  ඒ සඳහා සහභාගී වීම නිසා භීතියට පත්  අනෙකුත් මව්පියන්  අද (26) දරුවන් පාසලට යැවීමෙන් වැලකී  තිබේ.

එම විදුහලේ සිසුන් 74 දෙනකු ඉගෙනුම ලබන අතර ගුරුමණ්ඩලයේ හත්දෙනකි .

මේවන විට පාසලද විසබීජහරණය කිරීමට කටයුතු යොදා ඇති බව පැවසූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ පිලිබඳව කඩිනම් විමර්ශනයක් අරඹා ඇතැයිද සඳහන් කළේය .