(ජේ.කේ.එල්. චාමින්ද)
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තල්පේ විහාරස්ථානයක වැඩවසන හිමිවරුන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
මෙකි විහාරස්ථානයේ නායක හිමියන්ට පළමුව කොව්ඩ් වෛරසය ආසාදනය වි තිබු බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
ඉන්පසු උන්වහන්සේගේ පළමුපෙළ ආශ්‍රිතයින් පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඒ අනුව තවත් හිමිවරුන් 16 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවි ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
මෙකි හිමිවරුන් වෛද්‍ය ප්‍රථිකාර සදහා බුස්ස කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමුකළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි හාමුදුරුවරු ටික වෙන්න ඇති ෂුවර් එකටම...
හොඳ වෙලාවට කොරෝනා බව හොයාගත්තේ... නැතිනම් මිනිස්සු බරගණනක් අමාරුවේ වැටෙන්න ඉඩ තිබ්බා..