(නිමල කොඩිතුවක්කු)
පාසල් දරුවන්ට නොමිලයේ මුව ආවරණ ලබා දීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කොළඹදී අද(14) පැවසීය.
දරුවන් දෙතුන් දෙනෙකු සිටින නිවසක මවුපියන්ට මුව ආවරණ සඳහා යන වියදම දරා ගැනීමට නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
පාසල් දරුවන් සඳහා අවශ්‍ය නිල ඇඳුම්, පෙළපොත් තවම ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවත් වහාම ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මපා "බලය නැතිවුණු විට පමණක් හැම හිඟන්නාටම" මහජනතාවගේ දුක මතක්වෙන හැටි...
හැමවෙලේම නිකන් දෙන්න කියලා හඬක් නගන එක තමයි විපක්ෂය කියන්නේ. මුඛ ආවරණ හදන ආයතනයක් පටන් ගත්තා නම් මිනිස්සුන්ට රැකියාවත් ලැබිලා, රටත් සංවර්ධනය වෙනවා කියලා මේ ගොල්ලෝ කියනවා.
ලබන ඡන්දයේදී ඡන්ද ටිකක් ලබාගන්න නරකද සජබයෙන් ඔය වැඩේ කළොත්...?.
සජබ අරමුදල් වලින් ඕක කළොත් නරකද?
මම හිතන්නේ මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මුව ආවරණ නැති එක... බලය ලබාගන්න දඟලන සීනිබෝල වැඩ... මේකෙන් තේරෙනවා මානසික මට්ටම... රටක් ගොඩ නගන්න පුළුවන් විදිය පුහුණු වෙලා එන්න..