
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව සිට, සුවය ලැබූ සමස්ත පිරිස මේ වනවිට 2064ක් බව වසංගත රෝග විද්‍යා අංශය අද(22) උදෑසන 10.00ට පළ කළ වාර්තාවේ දැක්වේ.
අද දිනයේදී සුවය ලබා රෝහල්වලින් පුද්ගලයන් 16දෙනෙකු පිටව යාමත් සමඟ සුවය ලැබූ පිරිස 2060 ඉක්මවා ඇත.
සුවය ලබා පිටව ගිය එම පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 9දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් 4දෙනෙක්ද, කාන්තන්කුඩි මූලික රෝහලෙන් එක් අයෙක්ද, පනාගොඩ යුද හමුදා රෝහලෙන් දෙදෙනෙක්ද වෙති. සුවය ලැබූ පිරිස අතර කිසිදු විදේශිකයකු නොවන බවද එම වාර්තාවේ දැක්වේ.
මේවනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 655ක් බවට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඊයේ(21) දිනයේදී 7දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබූ අතර, ඊයේ දිනය වනවිට සුවපත්ව සිටි සමස්ත ගණන 2048ක් විය.
කෙසේවෙතත් අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති, කොරෝනා ආසාදිතයන් බවට සැකකරන රෝගීහු 107දෙනෙක් වෙති. මේ වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2730ක් වන අතර පුද්ගලයන් 11දෙනෙකු මියගොසිනි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.