
විදෙස් රටවලින් පැමිණෙන සංචාරකයින් හා රැකියාවල නිරතවන්නන් සංචරණ කටයුතු සිදුකිරීමේ දී පැළඳ සිටිය යුතු නව උපකරණයක් හඳුන්වා දීමට සිංගප්පුරු රජය පියවර ගෙන තිබේ.
ලබන 10 වැනිදා සිට මෙම උපකරණය පැළදීම අනිවාර්යය කර එය නීතියක් බවට පත්කිරීමට කටයුතු කරන බව සිංගප්පුරු රජය සඳහන් කර ඇත.
එම උපකරණය මගින් ජී.පී.එස් තාක්ෂණය හා බ්ලූටූත් තාක්ෂණය භාවිතා කරමින් සිටින සංචාරකයින් හා රැකියාවල නිරතවන්නන් තම සංචරණ පරාසය තුළ සිටී ද යන්න පිළිබඳ අධීක්ෂණය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් වයස අවුරුදු 12ට අඩු දරුවන් නව විද්‍යුත් උපකරණය පැළදීමේ නීතියෙන් නිදහස් කිරීමට සැලසුම් කර ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.
(ගාඩියන් ඇසුරෙනි)
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd