IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයන්ට අනුගත නොවන ආයතනය ගැන සොයන්න විශේෂ මෙහෙයුමක්

(ඉන්දිකා රාමනායක)

බස්නාහිර පළාත තුළ රජයේ හා පෞද්ගලික කාර්යාල, වෙළෙදසැල්,  සාප්පු සංකීර්ණ  , කර්මාන්තශාලා,  පවත්වාගෙන යාමේ දී රජය විසින්  නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ ඇතුළත්   අති විශේෂ  ගැසට් නිවේදනය  අනුව    කටයුතු කරන්නේ ද යන්න සොයා බැලීම සදහා   අද (11)  සිට විශේෂ පොලිස් මෙහෙයුම්  ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ සදහා සිවිල් ඇදුමෙන් සැරසුණ පොලිස් නිලධාරීන් 400ට අධික පිරිසක් යොදවා ඇති බවද අජිත් රෝහණ මහතා පවසයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉකුත් ඔක්තෝබර් මස 15 වැනි දින මෙම අති විශේෂ  සෞඛ්‍ය  නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය  නිකුත් කර ඇති  අතර එහි ආයතන පවත්වාගෙන යාමේ දී  අනුගමනය කර යුතු කරුණු  වන  දෙයත්සේදීමට ස්ථාන සක්ස්කිරීම,   උෂ්ණත්වය පරික්ෂා කිරීම, ඇතුළත සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, නාමලේඛනයක් පවත්වාගෙන යාම  ආදි   සෞඛ්‍ය   ක‍්‍රම අනුගමන කරන්නේ ද  යන්න සොයා බැලීම සදහා  මෙම  මෙහෙයුම කි‍්‍රයාත්මක කර ඇති බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

සිවිල් ඇදුමෙන්  සැරසුණු  පොලිස්  නිලධාරීන්  මෙම ස්ථාන වෙත ගොස්  ඒවා ක‍්‍රම නිසි අයුරින් කි‍්‍රයාත්මක වන්නේ ද යන්න නිරීක්ෂණ කර බවත්  එවැනි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුගමන  නොකරන  ආයතන හදුනාගෙන  ඒවායේ   හිමිකරුවන්,  ආයතන ප‍්‍රධානීන්,  පරිපාලන  නිලධාරීන්ට      නිරෝධායන නීතිය අනුව කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

කොළඹ නගරයේ බොහෝ ප‍්‍රදේශ  ඊයේ  දිනයේ සිට සම්පුර්ණයෙන්ම  හුදකළා බවින්   ඉවත් කිරීම නිසා බොහෝ  පිරිසක්   නගරයේ වෙළෙදසැල් වෙත පැමිණීමට   ඉඩ ඇති බවත්, සියලූ දෙනා  සෞඛ්‍ය ආරක්ෂිත   ක‍්‍රම අනුගමන  කළයුතු බවද අජිත් රෝහණ මහතා කීය.

,සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රම අනුගමන කරමින් කොළඹ නගරය තුළ යළිත් කෝවිඞ් පොකුරු,  අනුපොකුරු ඇති වීම වලක්වා ගැනීම ජනතාවගේ වගකීමක්  බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.



අදහස් (3)

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයන්ට අනුගත නොවන ආයතනය ගැන සොයන්න විශේෂ මෙහෙයුමක්

Nuwan Monday, 11 January 2021 08:03 AM

මෙතුමාගේ ජොබ් එක කරනවා... කොහොමහරි ලංකාවේ එතුමා කියන කිසිදෙයක් දේශපාලුවෝ කරන්නේ නැතත්...

:       0       2

අතුල සවුදි Monday, 11 January 2021 08:22 AM

පාර්ලිමේන්තුවෙන් පටන් ගත්තොත් හොඳයි ආයිබෝවං..

:       0       3

Rajinda Monday, 11 January 2021 10:08 AM

එතකොට ජනාධිපති ලේකම් කාර්යාලය පෙනෙන දුරින් පවත්වාගෙන යන ඉදිකිරීම් වැඩබිම්වල වැඩකරන සේවකයින් ගැන මොකද කියන්නේ? කොරෝනා හැදිලා තියෙද්දීත් සතියෙන් හෝ දවස් 4න් වැඩට එන්න කියන ආයතන ගැන මොකද කියන්නේ? මේ වෙනකොට 200කට වැඩිය හැදිලත් ආයතනයේ නම කිසිම විදිහකින් වත් එළියට එන්නේ නැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site