
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4459කි.
වසංගත රෝග විද්‍යා අංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ දෛනික තත්ත්ව වාර්තාවේ මේ බව සඳහන් වේ.
අද දිනයේදී සුවය ලැබූ ආසාදිතයන් 4දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3278කි. සුවය ලබා පිටව ගිය එම සිව්දෙනා, වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ අය වෙති.
තහවුරු කරන ලද රෝගීන් අතරින් මේ වනවිට රෝහල් ගතකර සිටින සංඛ්‍යාව 1168කි.
සැකසහිත රෝග ලක්ෂණ ඇතිව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතකර ඇති සංඛ්‍යාව 289කි.
මේ වනවිට 13 දෙනෙකු කොරෝනා ආසාදනය වී මියගොසිනි.

COMMENTS
නවතම කසාය පරීක්ෂණ මට්ටමේ පවතී. ඒක පෙව්වාම නිට්ටාවටම සුවවේවි..!!!