
(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව නගරයේ ප්‍රධාන මාර්ගයක් වූ බසාර් වීදිය හුදකලා කිරීමට පියවර ගත් බව වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිස්ස ලාල්ද සිල්වා මහතා අද(08) පැවසුවේය.
බසාර් වීදියේ පිහිටි වෙළඳසැල්හි හිමිකරුවන් ඇතුලු සේවකයින් 55 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද තහවුරු වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබිණි.
පසුගිය 06 වැනිදා වවුනියාව නගරයේ බසාර් වීදිය, ධර්මලිංගම් වීධය සහ මාකට් වීදිය තාවකාලිකව වසා එම මාර්ගයන්හි පිහිටි වෙළඳසැල්හි හිමිකරුවන් සහ සේවකයින් 165 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කර ඇත. එහි වාර්තා අද දින ලැබීමෙන් පසුව එම පිරිසෙන් 55 කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඒ අනුව, පොලීසිය, යුද හමුදාව සහ සෞඛ්‍ය පරීක්ෂකවරු වහාම ක්‍රියාත්මක වී බසාර් වීදියේ සියලු වෙළඳසැල් වසා දැමීමට පියවර ගත්හ.
කොරෝනා ආසාදිත හිමිකරුවන්ගේ වෙළඳසැල් වෙතින් බඩු බාහිරාදිය ගැනීමට පැමිණි පාරිභෝගිකයින්ට දැඩි අවදානම් තත්වයක පවතින හෙයින් කිසියම් අසනීපයක් ඇත්නම් ළඟම පිහිටි පොලීසියට හෝ සෞඛ්‍ය පරික්ෂක කාර්යාල වෙතට දැනුම් දෙන ලෙසද පොලිසිය දැනුම්දුන්නේය.
කොවිඩ් ආසාදිත වෙළඳසැල් හිමිකරුවන් සහ සේවකයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් මේ වන විට හඳුනාගනිමින් නිරෝධායනය කර, ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇතැයි වවුනියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.


2025 නොවැම්බර් මස 21
122
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
201
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1066
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වවුනියාවේ බසාර් වීදිය හුදකලා කරයි