
(තිළිණි ද සිල්වා)
විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.
ශ්‍රී ලංකාවෙන් නව ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් පවතින රෝහල් පහසුකම් මෙන්ම එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරීම සඳහා පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.
නිරෝධායන මධ්‍යස්ථාන වල මේ වන විට 10,000 කට ආසන්න පිරිසක් රැඳී සිටිති.
එසේම, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 57,000 කට අධික පිරිසක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 14 ක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක් විය යුතු වේ.
මෙරට ආසාදිතයින් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට තීරණය කර ඇති බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කීය
COMMENTS
Reply To:
-
අපේ 'ස' ට රටවිරුවො රණවිරුවෝ සුවවිරුවෝ මතක් වෙන්නෙ ඡන්දයක් තියෙද්දි විතරයි. දැන් ලංකාවෙ මොන කොරෝනා පොකුරු ආවත් රටවිරුවො ඒ රටවල්වල මැරිල ගියත් ප්‍රශ්නයක් නෑ.. ඉතින් ආයෙ ඡන්දයක් එනකන් පුලුවන් විදියට පණ රැකගෙන ඉන්න..
මේ ආණ්ඩුවට මෙලෝ වැඩක් බැහැ.
එන්න බැරි ලාංකිකයන්ට විතරයි නේද? වෙන රටවල අය අැවිත් නිරෝධායනය තියා ඉන්න දිහාක්වත් කියන්නේ නැතුව යන්නේ අනික් පැත්තට.
මැද පෙරදිග අතරමංවෙලා ඉන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආණ්ඩුවට රක්ෂණ මුදල් ගෙවලා රට ගිය ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වාගන්න අපහසුනම්, එම රටවලදී ඒ අයට අවම පහසුකම් සපයන්න.
විදේශගතව සිට නැවත ලංකාවට පැමිණෙන අයද රජය විසින් සපයන නිරෝධායන මධ්‍යස්ථාන මත යැපීමට වැඩි නැඹුරුවක් දක්වනු ලබයි. ඊට හේතුවී ඇත්තේ පුද්ගලිකව නිරෝධායනය වීම සඳහා ඉතා විශාල මුදලක් අයකිරීමයි. හෝටල් කාමරයක් සඳහා එක් අයෙකුගෙන් අය කරන අවම මුදල රු. 7,500/-කි. එක් කාමරයකට දෙදෙනෙකු ඇතුලත් කරන නිසා කාමරයක දිනක අයකිරීම රැ 15,000/- කි. මේ අවමයයි. බොහෝ විට අයකෙරෙන්නේ මීට වඩා වැඩි මුදලකි. ආහාර වේල් තුනක් සමඟ නවාතැන් ගැනීම වෙනුවෙන් ඒ මුදල ඇත්ත වශයෙන්ම ඉතා අසාධාරණ බව බොහෝ දෙනාගේ හැඟීමයි.
දැන් කොහොමත් ලංකාවට එන්නේ නෑ කොරෝනා තියෙන නිසා එදා ඉදන්ම ආවේ රටට ආදරෙට්ට නෙමේ එයාලගේ ජීවිතේට ආදරේ ට බලමු . අපේ රටේ මිනිස්සු අසරණ වුණාම එන අය කවුද කියලා. දැන් ඉතාලි ඉන්න අය බනින්න පටන් අරන් ලංකාවට. හරියට ඉතාලිය කොරෝනා වලින් ජය අරන් වගේ . පුදුම ජාතියක් ඇත්තටම . මන් සංචාරයට ගිය වෙලේ අඩුරගත්ත අය කිවේ. එදා ඉතාලියට බැනලා ලංකාවට යන්න දැඟලුවා අද?
ඔව් ඔව් ලාංකිකයෝ ගෙන්වන්න එපා, නොරෝධානය කරන්න ඉඩ මදි. නමුත් චීන සහ ඇමරිකානුවෝ ඕන තරම් ගෙන්වනවා.
පිටරටවල ඉන්න සහෝදර වරැනි, අපි මෙහෙ මැරෙනවානම් ඒකටත් ගොඩාක් කැමැත්තෙන් ඉන්නේ, එක කාරණයක් කිව යුතුයි, කවුරු රජවුනත් අපි හම්බ කරගත්තොත් අපිත් අපෙ පවුලත් රැකෙයි, එක නිසා අපි කොහොම හරි නොමැරි ඉන්න බලන්නම්, රටෙ පාලකකො ටික පරිස්සම් කරමු අපි කක්කුස්සි හොදලා හොයලා හරි එවන සල්ලි වලින්...
ලොකු දෙයක්.
මැතිවරණ කාලය තුළ ඔවුන් "රට විරුවෝ" විය. අද ඔවුන් මව්බිමේ සරණාගතයින් බවට පත්ව ඇත.
මැදපෙරදිග දුක්විදිමින් එව්වේ ඩොලර් ලක්මවට.... එනිසා දුදරුවන් නටමින් බාල් සැපවින්දා ලක්මවගේ.... දැන් නම් රැකියාවන් නැතුවම විදිනවා අප අපාදුක...... එනමුත් නැහැ අවසර ඒමට අපහට ලක්බිමට...
අපේ විදේශ ශ්‍රමිකයන් ගෙන්වන එක නවත්තලා පිටරටින් එන දුත පිරිස් විතරක් ගෙන්න ගන්න.. එක හරිම අපුරුයි.
චීනේ අයටනම් කිසිම කරදයක් නැතුව එන්න පුළුවන්.
පවතින තත්වය මත ලංකාවට ගෙන එන්න අපහසු නම් අඩුම වශයෙන් කරුණාකර, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා රක්ෂණ මුදල් වශයෙන් 17500 ගෙවලා රට ගිහින් එහෙ අතරමන්වෙලා ඉන්න පුරවැසියන්ට, ඉදුම් හිටුම් , අහර සහ අතවශ්‍ය සේවා රජය මගින් ලබාදිය යුතුය.