IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානවල කොරෝනා නෑ

යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානවල මේ වනවිට කිසිඳු කොරෝනා ආසාදනයක් සිදුවී නැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රධානතම යුදහමුදා පුනරුත්ථාපන කඳවුර වන්නේ කන්දකාඩු යුදහමුදා කඳවුර බවත්, අධිකරණ නියෝගවලට අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳෙවියන් පුනරුත්ථාපනය කිරීමත් එහිදී කෙරෙන නමුත් යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානවල මේ වනවිට කිසිඳු කොරෝනා ආසාදනයක් සිදුවී නැති බවත් හමුදාපතිවරයා අද (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති කොරෝනා ව්‍යවසනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ මාධ්‍ය හමුවක් පැවැතිවිණි. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ පැවසීය.

“පසුගිය ජූලි 07 වැනිදා නැවතත් වැලිකඩ බන්ධනාගාරයේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ මගින් කොරෝනා ආසාධිතයකු හඳුනාගනු ලැබුවා. මේ තත්වයත් එක්ක වැලිකඩ බන්ධනාගාරය තුළ 312 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළා”

“මෙම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පැමිණි පුද්ගලයෙක් නැවත කන්දකාඩු වෙත රැගෙන යාට ප්‍රථම පී.සී.ආර්. පරීක්ෂණය කළ යුතු වෙනවා. 40 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණය කළාම 39 ක් නෙගටිව් වෙනවා. එක් පුද්ගලයෙකුට පොසිටිව් වෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ ඒ විදිහටයි”

“බන්ධනාගාරයේ 312 දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා මගින් කෝවිඞ් ආසාධිතයින් නොවන බවට තහවුරු වෙලා තියෙනවා. මේ පුද්ගලයා ජුනි 27 වැනිදා බන්ධනාගාරයට ඇවිත් ජූලි 01 වැනිදා තිබූ නඩුවකට ස්කයිප් තාක්ෂණය හරහා සහභාගී වෙනවා. ජූලි 03 වැනිදා මෙම පුද්ගලයා පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකළා. ජූලි 07 වැනිදා පොසිටිව් වෙලා කොරෝනා ආසාධිතයකු ලෙස හඳුනා ගැනුණා”

“ජුනි 27 සිට ජූලි 4 දක්වා සියලු දෙනාම  පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමුකළා. ඒවා නෙගටිව් බව තහවුරු වුණා. මීට අමතරව තවත් පිට වෙනත් බන්ධනාගාරවල සිටින 242 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කළා. ඒ අය දැනටත් නිරෝධායනය වෙමින් සිටිනවා. තවත් ආසාධිතයෙක් ඊයේ (10) හමුවී තිබෙනවා. මේ විදිහට වැලිකඩ බන්ධනාගාරයේ මෙම කටයුතු නිසි ක්‍රමයකට පාලනය වෙමින් පවතිනවා”

“යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානවල මේ වනවිට කිසිඳු කොරෝනා ආසාදනයක් සිදුවී නැති බව මම තරයේ කියා සිටිනවා. අප රටේ විශාලතම හා ප්‍රධානතම යුදහමුදා පුනරුත්ථාපන කඳවුර වන්නේ කන්දකාඩු යුදහමුදා කඳවුරයි. අධිකරණ නියෝගවලට අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳෙවියන් පුනරුත්ථාපනය කිරීමත් මෙහිදී සිදුකරනු ලබනවා”
“මෙම කොරෝනා ආසාධිතයා සොයාගැනීමත් සමග 450 ක් පමණ පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළා. එහිදී 57 ක් ආසාධිතයන් බව තහවුරු කළා. මේ අතර කොරෝනා ආසාධිතයන් අතර නාත්තන්ඩියේ පදිංචි උපදේශක කාන්තාවකුත් සිටිනවා. ඒ නිසා ඇයට සම්බන්ධ සියලුම දෙනා නිරෝධායනයට යොමුකරලා තිබෙනවා. මේ ආකාරයට සියලුම ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා.”

“පී.සී.ආර්. පරීක්ෂණ මගින් සනාථ වූ කොරෝනා ආසාධිතයන් සියලු දෙනා වෙනම යොමු කිරීමට කටයුතු කරනවා. මේ වනවිට උපදේශක කාන්තාව හැරෙන්නට 56 දෙනා කන්දකාඩු රෝහලට ඇතුළත් කර තිබෙනවා. රාජාංගණයෙන් තවත් පුද්ගලයකු හමුවී තිබෙනවා. එම පුද්ගලයාටත් ඔහුගේ දරුවන් දෙදෙනාටත් කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණු නිසා ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. ඔවුන්ට සම්බන්ධ සියලු දෙනාම නිරෝධායනවලට යොමුකර තියෙනවා”

“කන්දකාඩුවල නිරෝධායනය කළයුතු 220 දෙනා නියමිත දින ගණන පැමිණීමෙන් පසු නිරෝධායනය කළ යුතු වෙනවා. ඒ නිසයි තවම පී.සී.ආර්. පරීක්ෂණ ඔවුන්ට නොකරන්නේ”
“කන්දකාඩු යුදහමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානයත් ඉකුත් 8 වැනිදා කොරෝනා ප්‍රතිකාරක රෝහලක් බවට පත්කළා. කොළඹ රැගෙන යනවාට වඩා එතැනදීම නිසි ප්‍රතිකාර කිරීම වඩා සුදුසු නිසාත් අපි එසේ කළා. නිවාඩු සඳහා ගිය අයත්, උපදේශන කටයුතු සිදුකළ අයත් සහ අනෙක් සියලු දෙනාම නිවෙස් වල සිටම ආරක්ෂිතව නිරෝධායනය කිරීමට අපි කටයුතු කර තිබෙනවා”

“ඉතින් මේ ආකාරයට තමයි අපි 7 වැනිදා සිට කටයුතු කළේ. විවිධ කටකතා පැතිරුණත් ඇත්ත තත්වය ඕකයි. පසුගිය අප්‍රේල් 30 වනවිට කොරෝනා ආසාධිතයින් 313 කට සීමා කිරීමට හැකිවූයේ අතිගරු ජනපතිතුමා, අගමැතිතුමා ඇතුලු රජයත්, සෞඛ්‍ය අංශත්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් සියලුම නිලධාරින් කැපවීමෙන් කටයුතුකළ නිසයි. ඒ නිසා ඉදිරියටත් කොරෝනා පාලනය කරගැනීමට සියලුම ශ්‍රී ලාංකික ජනතාවම කටයුතු කරයි කියලා අපි අපේක්ෂා කරනවා.”  යැයිද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද මාධ්‍ය හමුවේදී මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය.

“කොරෝනා කියන්නේ එක පොකුරක් නැතිවන විට තව පොකුරක් ඇතිවෙන විදිහට පැතිරී යන දෙයක්.. කොරෝනා ආසාධිත වැලිකඩ පුද්ගලයා හඳුනාගැනීමත් සමග කන්දකාඩුවල තත්වය ගත්තත් මෙයත් එවැනි ප්‍රතිඵලයකි”

“කන්දකාඩු කඳවුර හරහා සුදුවැල්ල ප්‍රදේශයේ සිට එන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් සිදුවූ පරිණාමයක් සහ රැල්ලක් වෙනවා. මෙවැනි කොරෝනා පොකුරු පාලනයට නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි. පී.සී.ආර්. පරීක්ෂණය මගින් නිසිලෙස තහවුරු කළ යුතුයි. එහෙත් ඇතැම්විට පී.සී.ආර්. පරීක්ෂණය නෙගවිට් වෙලා පසුව පොසිටිව් වෙන්න පුලුවන්”
“ඒ නිසා සුපිරි අවිය වන්නේ නිරෝධායනයයි. සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සමාජයට බැහැලා මේවා වළක්වාගන්න කටයුතු කරනවා. අපිට කෝවිඞ් නෑ කියලා කියන්න බැහැ දැන්මම. නිසිලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා, පොකුරු පාලනය කරලා, නිරෝධායනයට ලක්වෙලා කටයුතු කරන්න ඕනේ. ඒකට සියලු දෙනාගේම සහයෝගය ඕනේ.” යැයි අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

 



අදහස් (7)

යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානවල කොරෝනා නෑ

සමීර Saturday, 11 July 2020 03:02 PM

දේශපාලකයන්ට ඕන විදියට රූකඩ වගේ හැසිරෙන කොට වීරයො විකටයෝ වෙනවා...

:       2432       1123

සෙනෙවිරත්න Sunday, 12 July 2020 08:52 AM

සහතික ඇත්ත, මේ කටින්ම කියපුවා ටිකකින් වෙනස් වෙනවා. කන්දකාඩු තිබුණේ කා යටතේද? රටේ මිනිස්සු කියපු විදියට හිටියා, විවිධ ප්‍රදේශවලින් එන අය එක්කරන කොට එතන නිරොධායනය තිබිය යුතුයි නේද? කන්දකාඩු එහෙම තැනක් නේද? එතන වගකීම සාමාන්‍ය ජනතාවද? ඡන්දෙ තියන්න යටිතලය හදපු එකත් මාධ්‍ය මගින් පුද්ගල පිම්බිල්ල විතරයි දැක්කේ...

:       0       0

Kanishka Saturday, 11 July 2020 04:54 PM

ලැබෙන වගකීම කුමක් වූවත්, ඉතා කැපවීමෙන්, හොඳින් ඉටු කිරීමට ගන්නා උත්සාහය ඉතා ප්‍රශංසනීයයි. ඒ සියල්ලම සිය උපන් දේශය වෙනුවෙන්. ඔබතුමා සැබෑ වීරයෙක්...

:       0       0

Champa Saturday, 11 July 2020 06:12 PM

ඔබ සාධාරණීය කරන විදිහ පිළිගන්න බැහැ. මෙතනම උඩ තියෙනවා ප්‍රතිකාර ලබන ආසාධිතයන් සංඛ්‍යාව අද වෙනකොට 468ක් ලු. එහෙම එකපාරට වුනේ පොකුරකින් කියන එක පිළිගන්න බැහැ. පැහැදිලිවම මේ පිරිසට කොරෝනා ආසාදනය වෙලා තිබිලා ආණ්ඩුව තොරතුරු හංගගෙන ඉඳලා තියෙනවා. ආණ්ඩුව ඡන්දයක් වෙනුවෙන් තරුණ මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරනවා. ලෝකය පුරා දැනට පැතිර යන කොරෝනා දෙවෙනි රැල්ල බිල්ලට ගන්නේ තරුණ පරම්පරාව... ඇන්තනි කියනවා මාස කීපයකට ඉස්සෙල්ලා ආසාදනය වුණු පිරිසට වඩා දැන් මේ සාමාන්‍ය අගය අවුරුදු 15කින් පහළට ඇවිල්ලලු. ඒ කියන්නේ අවුරුදු 20 - 30 පරාසයේ පිරිස් වේගයෙන් ආසාදනය වෙන්න පටන් අරන් කියලා කියනවා. ලංකාවේ මේ අලුතින් ආසාදනයට ලක්වුණු හාරසිය ගණනකගේ වයස්වල මධ්‍ය අගය කීයද? හමුදාපතිතුමා, ඔබ ආණ්ඩුව වෙනුවෙන් ගිරා සංදේශය කියවනවා වුණත් රටම ඔබට ආදරය කරන නිසා ඔබට විරුද්ධ ලියන්න මට හිතෙන්නේ නැහැ...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 12 July 2020 04:33 AM

හමුදාපතිතුමා, ඊයේ මධ්‍යම රාත්‍රියේ එක්තරා සමාජ ජාලා එකකින් දින තුනක් නිවාඩු කියා පණිවිඩ වගේ වගයක් ඇවිත් තිබුණා. පසුව ඒවා තාක්ෂණික දෝෂයක් කියා ඉවත් කොට තිබුණා. මේ නිසා ජනතාව කැලඹුණා. කරුණාකර මෙවැනි දේට කවුරුන් කළත් වැට බැඳිය යුතුමයි.. ඔබතුමා දන්නවා ඇති, රජයක් විසින් නිවැරදි තොරතුරු ඉක්මණින්ම සමාජගත නොකළහොත්, ජනතාව කැලෑ පත්තර, කටකතා ආදිය ගැන විශ්වාසය තබනවා. එබැවින්, මේ සම්බන්ධව රජය දැනුවත් කොට හැකි ඉක්මණින් නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරවන්න. එවිට බොරු ප්‍රචාර පතුරුවන ඇතැම් සමාජජාලා හා කැලෑපත්තර වැනි අංශ ජනතාව අතරට නොඑනු ඇත. එයින්, ඔබතුමා කෙරෙහිත්, රජය කෙරෙහිත්, සෞඛ්‍ය අංශ කෙරෙහිත්, ජනතා විශ්වාසය තවතවත් ගොඩනැගෙනු ඇත. ස්තුතියි.

:       0       0

tin tin Sunday, 12 July 2020 05:07 AM

ඉතින් ඒක තමයි අපිත් කියන්නේ... ඡන්දයට ගිහිල්ලා ‘‘ පොකුර‘‘ වැඩිකරගන්න ඕනෙද?

:       0       0

Risham Sunday, 12 July 2020 06:23 AM

මේ දවස්වල කොරෝනා හැදෙන්නේ නෑ.. කොටි නැගිටින එකයි රට බෙදන එකයි නවත්තන්න තුනෙන් දෙක ගත්තම තමයි ආපහු කොරෝනා එන්නේ. එතකන් බලන් ඉඳිමු. නාමල් කුමාරලා මේක් අප් දාගෙන ලෑස්ති වෙන ගමන්.. හෙට අනිද්දාට එළියට එයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1159 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2778 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 944 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 727 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 933 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 812 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 168 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site