
(තුසිත කුමාර ද සිල්වා)
පී.සී.ආර් පරීක්ෂණයට ඉදිරිපත් වී ප්‍රතිඵල පැමිණෙන්නට පෙර බහුදින යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයෙකු කොරෝනා ආසාදිතයකු බව අද (01) තහවුරු වීමත් සමග එම ධීවරයා රැගත් බහුදින යාත්‍රාව නැවත බේරුවල වරායට ගෙන්වා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.
මෙම ධීවරයා රැගත් "යස ඉසුරු " බහුදින යාත්‍රාව ඉකුත් 29දා බේරුවල ධීවර වරායෙන් තවත් ධීවර කාර්මිකයන් පස් දෙනෙකු සමග දියඹට ගොස් ඇත. මෙම ධීවරයා කොරෝනා ආසාදිත බවට පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵලය තහවුරු කිරීමත් සමග එම යාත්‍රාව ආපසු ගෙන්වා ගැනීමට බේරුවල වරාය කළමනාකාරීත්වය හා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කටයුතු කළ බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ සිංහබාහු මහතා බේරුවලදී පැවසීය.
බේරුවල වරායේ නාවික හමුදා නිලධාරියෙකු පැවසූවේ මෙම යාත්‍රාව මුහුදු සැතපුම් 50ක දුරින් තිබියදී ආපසු හරවා පැමිණි බවයි.
බේරුවල ධීවර වරායේ යාන්ත්‍රික වැඩ ඒකක ජැටියට පැමිණි මෙම යාත්‍රාවේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර කුඩා බෝට්ටවක් මගින් ගොඩබිම ගෙන්වා ගැනීමෙන් අනතුරුව ගිලන් රථයක් මගින් රෝහල් ගත කර සෙසු ධීවරයන් එම යාත්‍රාව තුළම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු සදහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Brandix එකටත් වඩා ලංකාවට කොරෝනා දෙවනි රැල්ල එන්න හේතු වුනේ මුහුදු යන අයගේ තියෙන ඉන්දියන් ධීවර සම්බන්ධතා වෙන්න ඕනේ. එයාපෝර්ට් ඔක්කොම වහලා මුහුද ඇරලා කිසිම කළමනාකරණයක් නැතිව එළියට ගියා ඇතුළට ආවා. කොරෝනාත් ඒ එක්කම ආවා...