
(තිලකරත්න දිසානායක)
සිය සේවා කටයුතුවලින් අද(17) සිට ඉවත්වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛා සභාපති, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.
කොරෝනා රෝග තත්ත්වය පාලනය සම්බන්ධයෙන් නීතිමය බලතල ක්‍රියාත්මක කිරීම පිණිස බලයලත් නිලධාරීන් ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පත් නොකිරීමට විරෝධය පළ කරමින් අද පෙරවරු 12.30 සිට ඔවුහු සේවා කටයුතුවලින් ඉවත්වූහ.
ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන්හි කටයුතු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 177 දෙනාද මේ සම්බන්ධයෙන් පැහැදිලි විසඳුමක් ලබාදෙන තෙක් කොරෝනා රෝග පාලන කටයුතුවලින් ඉවත්වූ බව සමරදිවාකර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්න තරමින් දැනට බලය ලැබෙන්නේ MOH හරහා. මේ ඉල්ලන්නේ ස්වාධීන බලතලද?
ආණ්ඩුව ඔය ගැසට් එක නිකුත් කරන්නේ නැහැ. එතකොට පොහොට්ටුවන්ට 100කට අඩු රැස්වීම තියන්න වෙනවා. ඔක්කොම මුහුණු වහගෙන මීටර් එකක දුරස්ථ භාවයක් තියාගෙන. ඒවා කරන්න ඒ අය කැමති නැහැ. ගැසට් කළොත් ඒ නීති පිළිනොපදින අයට විරුද්ධව නඩු දමන්න පුළුවන්. ඒ අයට කමක් නැහැ.. රටේ මිනිස්සු ඔක්කොම මැරුණත්. ඡන්දෙ දිනලා රටේ ඉතුරුවෙලා තියෙන ටිකත් චීනාටම විකුණා ගන්නයි මේ හදන්නේ... අන්තිමට අන්ගෝලාවේ වගේ කට්ටියම කොහේහරි පොහොසත් රටකට පැනලා යාවි. චීනා ඇවිත් ඔප්පුව පෙන්වලා අපේ රට අල්ලාගනිවි. ඔබ මේ අයට ඡන්දෙ දෙනවිට දෙසැරයක් සිතන්න. පසුව දුක්වෙන්න එපා...
කණගාටුදායක තත්ත්වයක්. පී.එච්.අයි මහත්වරුන්ට යම් බලතල ලබාදීම අවශ්‍යයි. නැතිනම් ඔවුන්ට ගැටළුවලට මුහුණ දෙන්න වෙනවා. නිලඇඳුමට අපහාස විඳින්න සිදුවේවි. ඔවුන් පසුගිය කාලේ ඉතා උනන්දුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ බව අපි දැක්කා. පවතින වාතාවරණය අනුව බලතල නැතිව රාජකාරි කරන්න ගියොත් ඔවුන්ට විරුද්ධව නඩුමගට යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා කරුණු සළකා බලා අවශ්‍ය බලතල දී ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ඉදිරියටත් ලබාගත යුතුයි...
අර තොණ්ඩමන්ගේ අවමගුලෙදී වගේ තමන්ට ඕනෑ අවස්ථාවලදී මගුල් නටන්න බැරි නිසා සහ ඡන්ද ප්‍රචාරයට බාධා වන නිසා ඕක ගැසට් කරන්නේ නැහැ. කියනකොට නම් මහලොකු රට ආරක්ෂා කරන දේශප්‍රේමී වීරයෝ... අර මැදපෙරදිග අතරමංවෙලා ඉන්න 40000ට පිහිට වෙන්න විධිමත් සැලැස්මක් හොයාගන්න මාස 04ක් ගිහිනුත් බැරි වුණා.
අපවිත්‍ර දේකින් පවිත්‍ර දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඕක කරයි?ඡන්දෙන් පස්සේ... එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.