IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මස්කෙළියේ විද්‍යාලයක් තාවකාලිකව වසා දමයි

(රංජිත් රාජපක්ෂ)

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් මස්කෙලිය ස්තැස්පි වතු යායේ එකම පවුලේ පියා, මව සහ පුතාට කොවිඩ්- 19 වයිරසය ආසාදනය වීම නිසා එම පුතා අධ්‍යාපනය ලබන සාමිමලේ විද්‍යාලයක් අද (01) සිට තාවකාලිකව වසා දැමු බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසීය.
 
එම විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවා එම පාසලේ අනෙකුත් පන්ති වල ළමුන් සහ ගුරුවරුන්ගේ ආශ්‍රිතයෙකු වු නිසා පාසල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.
 
මව නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම්හලක සේවය කරන බවත්, එම ඇගළුම් කර්මාන්ත ශාලාවේදි සේවක සේවිකාවන් 35 දෙනෙකුද ස්වයං නිරෝධානයට යොමු කළ බවත් , කොවිඩ් 19 වයිරසය ආසාදනය වු එකම පවුලේ තිදෙනාගේ නිවසට පසුගිය දිනක කොළඹ ප්‍රදේශයෙන් පුද්ගලයෙකු පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.
 



අදහස් (0)

මස්කෙළියේ විද්‍යාලයක් තාවකාලිකව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site