(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව වේල්ස් කුමර විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ ශිෂ්‍යයකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කණ්ඩායමේ ක්‍රීඩකයන් තිස් දෙනකු නිරෝධානයට යොමුකල බව සෞඛ්‍ය අංශ පවසයි.
ගාල්ල ප්‍රදේශය පැවැති ක්‍රිකට් තරඟයකට සහභාගී වූ අවස්ථාවේ කොවිඩ් ආසාධිත බව කියන සිසුවාට අතෙහි ආබාදයක් වීම නිසා පුද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා යොමු වී ඇත.
අතට ප්‍රථිකාර කිරීමට පෙර සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සඳහන් කරන සෞඛ්‍ය අංශ ආසාධිත සිසුවා ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ සොහොයුරකු බවද සඳහන් කරයි
එම ශිෂ්‍යයා ප්‍රතිකාර සඳහා යොමු කොට අනෙක් ක්‍රීඩකයන් නිරෝධානය සඳහා යොමු කල බව සෞඛ්‍ය අංශ පැවසීය.
මොරටුව,රත්මලාන,පිළියන්දල යන ප්‍රදේශයන්හි සිසුන් ද ඒ අතර සිටින බවද සෞඛ්‍ය කියයි.
මෙකි ක්‍රිඩා කණ්ඩායමේ මොරටුව ප්‍රදේශයේ පදිංචි වන සිසුන් දස දෙනකුද සිටින බවද කියයි.
ඉදිරියේදී නිරෝධානය සඳහා යොමුකල සිසුන් පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බව ද සෞඛ්‍ය අංශය සඳහන් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1554
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1359
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මොරටුවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා