මන්නාරම පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම්දෙනතුරු හුදෙකලා කිරීමට අද ( 11) පියවර ගෙන තිබේ.

කොරෝනා ආසාදිත පිරිස් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන  ඇත.

 කොවිඩ් -19  පැතිරීමේ වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී  වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව  දැනුම් දී තිබේ.