(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලියේ කර්මාන්තශාලාවක තවත් සේවිකාවන් 7 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව අද(14 ) මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ආසාදිත සේවිකාවන් මුන්දලම, පුත්තලම, මහකුඹුක්කඩවල පදිංචිකරුවන් ය.
ඒ අනුව, කර්මාන්තශාලාවේ සමස්ත ආසාදිතයන් ගණන 15කි.
මේ වනවිට මේ කර්මාන්ත ශාලාවේ සේවිකාවන් 74 දෙනෙකු යොදා ගනිමින් කළ ජෛව පටල සාම්පල පරීක්ෂාවකින් පසු, කොවිඩ්-19 ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත් එම ජෛව පටල සාම්පල පරීක්ෂණවල තවත් වාර්තා පැමිණීමට නියමිත බවද, ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව 500 කට ආසන්න බවද සෞඛ්‍ය අංශ පවසයි.
මෙම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවිකාවන් ආණමඩුව, මුන්දලම, පුත්තලම, වනාතවිල්ලුව, උඩප්පුව හා කල්පිටිය පොලිස් වසම්වලින් සේවයට පැමිණෙන අතර මේ හේතුවෙන් මෙම පොලිස් වසම් වල ගම්මාන සිය ගණනක් දැඩි අවදානමට ලක් කර ඇත.
ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් තිබියදී පවා කර්මාන්තශාලාව තවදුරටත් පවත්වාගෙන යාම බරපතල තත්වයක් බවට ජනතාව කියති.
2025 නොවැම්බර් මස 04
369
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2163
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1642
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මදුරන්කුලියේ කම්හලක තවත් 7කට කොරෝනා